Google සමාගමේ Pixel ජංගම දුරකථන මාලාවේ අලුත්ම ජංගම දුරකථනය වන Pixel 5 සහ Pixel 4a 5G ජංගම දුරකථන එළිදැක්වීමට නියමිත Launch Night In event එක ඊයේ දිනයේ පැවැත්වීමට කටයුතු යෙදුණු අතර මේ පිලිබඳව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Pixel 5 ජංගම දුරකථනය මීළඟ සැප්තැම්බර් 30 වැනි දින එළිදැක්වීමට Google සමාගම සූදානම් වෙයි
පසුගිය අගෝස්තු මාසයේදී Google සමාගම විසින් ඔවුන්ගේ Google Pixel 4a ජංගම දුරකථනයඑළිදැක්වීමට කටයුතු කළ අතර, එම event එක අතරතුරදී මෙම වසර ඇතුලත තවත් Google Pixelජංගම දුරකථන ද්විත්වයක් එළිදැක්වීමට කටයුතු කරනු ලබන බව ඔවුන් ප්‍රකාශ කර සිටියා. එමෙන්ම පසුව අන්තර්ජාලයට එකතු වී තිබුණු පුවතක් අනුව Google Pi…

මෙහිදී මෙම Pixel 5 ජංගම දුරකථනය මෙන්ම Pixel 4a 5G මාදිලිය ද එළිදැක්වීමට කටයුතු යෙදුණු අතර බළාපොරොත්තු වූ පරිදිම මෙම ජංගම දුරකථන ද්විත්වයම mid-range chipset මගින් බළගැන්වෙනු ලැබෙනවා.

Pixel 4a 5G

පසුගිය අගෝස්තු මාසයේදී එළිදැක්වීමට කටයුතු කළ Pixel 4a ජංගම දුරකථනයට වඩා තරමක් විශාල display එකකින් සහ 5G පහසුකම සමඟින් Pixel 4a 5G ජංගම දුරකථනය නිර්මාණය කිරීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

විශේෂයෙන්ම Pixel 4a ජංගම දුරකථනය බළගැන්වුණු Qualcomm Snapdragon 730G chipset එක වෙනුවට Qualcomm Snapdragon 765G chipset එකක් හරහා මෙම නව මාදිලිය බළගැන්වෙන අතර මෙය ඇමෙරිකානු ඩොළර් 499ක් ලෙස මිළ නියම කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මීට අමතරව battery capacity එක ද 3885mAh දක්වා upgrade කිරීමට කටයුතු කර ඇති අතර 16 megapixel ultrawide rear-facing lens එකක් ද ඇතුලත් වෙනවා.

Pixel 5

මේ දක්වා නිකුත් වුණු flagship Pixel ජංගම දුරකථන මාදිලි වෙනත් මගකට යොමු කරමින් පළමු වතාවට Snapdragon 800 series එකේ chipset එකක් වෙනුවට mid-range මාදිලියක් වන Pixel 4a 5G එකේ අන්තර්ගත වන Qualcomm Snapdragon 765G chipset එක මගින් ම බළගැන්වෙන Pixel 5 ජංගම දුරකථනය බොහෝ පහසුකම් අතින් ගත් කළ Pixel 4a 5G මාදිලියට සමානකමක් දක්වනවා.

විශේෂයෙන්ම මාදිලි ද්විත්වයම 5G සඳහා සහාය දක්වන අතර, එකම chipset එක, එකම camera module එක මෙන්ම එකම storage level එකකින් ද සමන්විත වන මෙය water resistant සහ wireless charging වැනි flagship පහසුකම් කිහිපයකින් සමන්විත වෙනවා.

මෙහි පැරණි මාදිලිය වුණු Pixel 4 ජංගම දුරකථනයේ අන්තර්ගත වුණු MotionSense තාක්ෂණය මෙන්ම Face Unlock තාක්ෂණය ද Pixel 5 හි දකින්නට නොලැබෙන අතර ඒ වෙනුවට සාමාන්‍යය fingerprint sensor එකක් ඇතුලත් කර තිබෙනවා.

කොහොම නමුත් මෙම sensors ඉවත් කිරීම නිසාවෙන් notch එකක් හෝ bezel එකක් නොමැතිව edge-to-edge display අත්දැකීමක් ලබාදීමට මෙන්ම නිෂ්පාදන වියදම අවම කරගෙන අඩු මිලක් යටතේ Pixel 5 ජංගම දුරකථනය වෙළඳපොලට ඉදිරිපත් කිරීමට Google සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

Pixel 5 ජංගම දුරකථනයේ අන්තර්ගත වන display එක 90Hz refresh rate එකක් දක්වා සහයෝගය දක්වන අතර 8GB RAM එකක් මෙන්ම 128GB storage එකකින් සමන්විත වෙනවා.

Camera

Pixel ජංගම දුරකථන මේ දක්වා ප්‍රසිද්ධියට පත්වූයේ එහි ඇතුලත් වන camera එකේ ඇති පහසුකම් නිසාවෙන් වන අතර මෙවර ද එහි පියවරක් ඉදිරියට යමින් ඔවුන්ගේ computational photography තාක්ෂණයන් වල අලුත්ම පහසුකම් කිහිපයක් මේ Pixel 5 ජංගම දුරකථනයට ඇතුලත් කර තිබෙනවා.

මේ අනුව Google Night Sight පහසුකම භාවිතා කරමින් Portraite photos ලබාගැනීමේ හැකියාව ලබාදී ඇති අතර Google Photos හරහා portraite ඡායාරූපයක, AI තාක්ෂණය භාවිතා කරමින් ligthing වෙනස් කිරීමට හැකියාව ලබාදෙන “Portrait Light” mode නම් වූ තවත් පහසුකමක් හඳුන්වාදී තිබෙනවා.

මීට අමතරව Pixel 5 සහ 4a 5G ජංගම දුරකථන හරහා 4K 60fps videos record කළ හැකි Cinematic Pan පහසුකමක් හඳුන්වාදී ඇති අතර ඒ හරහා වඩාත් smooth ලෙස video stabilization සිදු කිරීමට කටයුතු කෙරෙනු ලැබෙනවා.

Hold for Me

Google සමාගම විසින් මීට පෙර Google Assistant හරහා ලබාදී තිබුණ Caller Screen පහසුකමෙහි මීළඟ පියවර ලෙස ‍Hold for Me නම් වූ අලුත් පහසුකමත් හඳුන්වාදී ඇති අතර, මේ හරහා customer care හෝ යම්කිසි business එකකට ඇමතුමක් ලබාගන්නා විටදී නියෝජිතයෙකු සමඟ සම්බන්ධ වන තෙක් දුරකථනයේ රැඳී සිටීමට සිදු වීම වලක්වනු ලබනවා.

ඒ වෙනුවට Google Assistant එක ඇමතුමට සම්බන්ධ වී නියෝජිතයෙකු එම ඇමතුමට සම්බන්ධ වූ විට ඒ පිළිබඳව පරිශීලකයාව දැනුවත් කිරීමට කටයුතු කරනු ලබනවා.

View post on imgur.com

Recorder

Pixel 4 ජංගම දුරකථනයත් සමඟින් හඳුන්වාදුන් revolutionary voice recorder app එක පිළිබඳව පසුගිය වසරේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. ඔන්න දැන්, මෙහි ඊළඟ පියවර ලෙස පරිශීලකයා හට එම audio එකෙන් කොටසක් ඉවත් කිරීමට අවශ්‍යය වන්නේ නම් transcript එක භාවිතා කරමින් එම කොටස ඉවත් කරගැනීමට හැකියාව ලැබෙනවා.

View post on imgur.com

එමෙන්ම එහි යම්කිසි කොටසක් පමණක් තවත් පුද්ගලයෙකු හා share කරගැනීමට අවශ්‍යය නම්, ඒ සඳහා අදාල transcript එකද සමඟින් කුඩා video එකක් නිර්මාණය කරගැනීමේ හැකියාව ද මෙයට අන්තර්ගත වෙනවා.


මීට අමතරව පැය 48ක් දක්වා කාලයක් battery power එක ආරක්ෂා කරගැනීම සඳහා නව Extreme Battery Saver එක හඳුන්වාදී ඇති අතර 18W USB-C fast charging පහසුකම ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙම Pixel 5 ජංගම දුරකථනය මීළඟ ඔක්තෝබර් මස 15 වැනි දින සිට ඇමෙරිකානු ඩොළර් 599ක මිලකට Australia, Canada, France, Germany, Ireland, Japan, Taiwan, United Kingdom, United States යන රටවල් වල වෙළඳ‍පොලට නිකුත් කිරීමට කටයුතු කරනු ලබන Google සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google Blog එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.