Samsung සමාගම විසින් ඔවුන්ගේ ප්‍රථම Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී display එකක් සහිත ජංගම දුරකථනය පසුගිය Samsung Unpacked 2019 Event එක අතරතුරදී එළිදැක්වීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Galaxy Fold එකේ සිට Galaxy Buds දක්වා Samsung Unpacked 2019 Event එකේ වැදගත් එළිදැක්වීම් ගැන
ඊයේ දිනයේ පැවති Samsung Unpacked 2019 event එක අතරතුරදී Samsung සමාගම 2019 වර්ෂයසඳහා ඔවුන්ගේ ජංගම දුරකථන හා අනෙකුත් devices මාලාවක් හඳුන්වා දෙන්නට කටයුතු කළා. කවුරුත් බළාගෙන සිටි ඔවුන්ගේ ප්‍රථම නම්‍යශීලී ජංගම දුරකථනය වන Galaxy Fold එක[https://www.samsung.com/global/galaxy/galaxy-fold/] මෙන්ම Sam…

කොහොම නමුත් මෙය ලොව පුරා review කරනු ලබන පුද්ගලයන් හට ලබාදීමට කටයුතු කිරීමත් සමඟින් එහි screen එක ඉතාමත් පහසුවෙන් damage වන බව වාර්ථා වුණා.

Samsung Galaxy Fold වල Screen එක Damage වූ බව ලොව පුරා Review කරන්නන් රැසක් වාර්ථා කරයි
Samsung සමාගම විසින් ඔවුන්ගේ Galaxy Fold device එක එළිදැක්වීමට කටයුතු කළ බවත්[/everything-that-launched-at-samsung-unpacked-2019/], එහි stress testing කරනආකාරය ලොවට පෙන්වීමට කටයුතු කළ බවත්[/samsung-shows-off-the-galaxy-folds-folding-skills-in-action/] අපි ඔබව මීටකලින් දැනුවත් කළා මතක ඇති. එමෙන…

මේ සමඟින් මෙම ජංගම දුරකථනය වෙළඳපොලට නිකුත් කිරීම කල් දමමින් Samsung සමාගම විසින් එය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කළ අතර පසුගිය සති කිහිපය වන විට එය නැවතත් සකස් කර වෙළඳපොලට නිකුත් කිරීමට සූදානමින් පවතින බව දැනගන්නට ලැබුණා.

Samsung Galaxy Fold ජංගම දුරකථනය නැවත නිකුත් කිරීමට Samsung සමාගම සූදානම් වෙයි
Galaxy Note 10 නිකුත් කිරීම හා කලින්අසාර්ථක Galaxy Fold ජංගම දුරකථනය නැවතවෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කිරීමත් සමඟ තාක්ෂණික ලෝකයේ දැවැන්තයාට අගෝස්තුමාසය ඉතා කාර්‍ය්බහුල මාසයක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා. මුලු ලෝකයේම අවධානය දිනාගනිමින් පසුගිය Samsung Unpacked event එක[https://technews.lk/everything-that-launched-at-samsung-unpacked-2019/…

මේ ආකාරයෙන් වැඩිදියුණු කරන ලද Galaxy Fold ජංගම දුරකථනය භාවිතා කිරීමේදී එය ඉතාමත් ‍පරෙස්සමෙන් භාවිතා කළ යුතු බව හා අනුගමනය කළ යුතු උපදෙස් කිහිපයක් පිළිබඳව වීඩියෝවක් නිකුත් කිරීමට ද Samsung සමාගම කටයුතු කර තිබෙනවා.

Samsung සමාගම පවසන ආකාරයට මෙම Foldable දුරකථන තිරය පීඩනයට ඔරොත්තු නොදෙන බවත්, Galaxy Fold දුරකථන දෙකට නැවීමේදී තිර දෙක අතර කුණු දූවිලි අංශු එකි රැස් නොවන නමුත් දෙපස තිර දෙකෙහි ඇති චුම්බක මගින් වෛද්‍ය උපකරණ, Credit Card, යතුරු වැනි උපකරණ වලින් බාධා එල්ල විය හැකි වෙනවා.

Samsung Galaxy Fold දුරකථනයේ මේ සියලු අනතුරු ඇගවීම් පිළිබඳව දන්වා තිබුනත් එය තවමත් සාර්ථක ජංගම දුරකථනයක් ලෙස පිළිගත නොහැකි බව ජනප්‍රිය YouTube Channel එකක් වන JerryRigEverything මගින් පෙන්වා දෙනවා.

කොහොම නමුත් මේ සැප්තැම්බර් 27 වැනි දින ඇමෙරිකාවේ වෙළඳපොලට මෙම device එක නිකුත් කිරීමට Samsung සමාගම තීරණය කර ඇති අතර එහ මිළ ඇමෙරිකානු ඩොලර් 1,980ක් වන බව වාර්ථා වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.