Galaxy Note 10 නිකුත් කිරීම හා කලින්අසාර්ථක Galaxy Fold ජංගම දුරකථනය නැවත වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කිරීමත් සමඟ තාක්ෂණික ලෝකයේ දැවැන්තයාට අගෝස්තු මාසය ඉතා කාර්‍ය්බහුල මාසයක් වනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

මුලු ලෝකයේම අවධානය දිනාගනිමින් පසුගිය Samsung Unpacked event එක අතරතුරදී Galaxy Fold ජංගම දුරකථනය එළිදැක්වීමට Samsung සමාගම කටයුතු කලත්, එහි ඇති වූ දුර්වලතා කිහිපයක් හේතුවෙන් එය අසාර්ථක බවට පත්වීමත් සමඟ එය වෙළඳපොලට නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට Samsung සමාගම කටයුතු කරනු ලැබුවා.

කොහොම නමුත් මේ වන විට එම දුර්වලතා මඟහරවාගෙන එහි තිරය වැඩිදියුණු කර පරීක්ෂා කිරීම් කටයුතු සිදු කර ඇති අතර, නිළ නොලත් අභ්‍යන්තර වාර්ථාවන්ට අනුව එය මීළඟ අගෝස්තු මස නැවතත් එළිදැක්වීමට අවශ්‍යය පසුබිම සකස් වී ඇති බව සඳහන් වෙනවා.

අගෝස්තු මස 7 වැනිදා පැවැත්වීමට නියමිත මීළඟ Samsung Unpacked event එක අතරතුර Galaxy Note 10 ජංගම දුරකථනය ඇතුළුව තවත් accessories කිහිපයක්ම නිකුත් කිරීමට නියමිත අතර එම event එක අතරතුරදී හෝ මේ වෙනුවෙන්ම සංවිධානය කළ වෙනත් event එකකදී මෙය නැවතත් නිකුත් කරනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය හා Android Community වෙබ් අඩවිය භාවිතා කළ හැක.