පරිගණක ක්‍රමලේඛ භාශාවක්, එහෙමත් නැතිනම් programming language එකකින් code කරන දේ, hardware වලට තේරුම්ගත හැකි ලෙස compile කිරීමේ කටයුත්ත සඳහා භාවිතා කරන compilers ගැන ඕනෑම කෙනෙකු දන්නවා ඇති.

Raw source code එක machine language එකට පරිවර්ථනය කිරීමේ අමාරු කාර්යය සිදු කරන මේ compilers නිර්මාණය කිරීමේදී ඉතාමත් වැදගත් කාර්යයභාරයක් සිදු කළ Frances Allen මහත්මිය පසුගිය ‍අගෝස්තු 4 වැනි දින, එනම් ඇයගේ 88 වැනි උපන්දිනය දවසේ අවසන් ගමන් ගොස් තිබෙන බව වාර්තා වෙනවා.

පරිඝනක විද්‍යාව සම්බන්ධයෙන් සැළකිය යුතු කාර්ය්‍යභාරයක් සිදු කරනු ලැබූ පුද්ගලයින් හට පිරිනමනු ලබන Turing Award එක ලබාගැනීමට සමත් වූ ලොව පළමු කාන්තාව මැය වන අතර IBM Fellow කණ්ඩායමේ පළමුවැනි කාන්තා සාමාජිකාව වීමට ද Frances Allen සමත් වෙනවා.

ඔබ යම්කිසි දවසක compiler එකක් භාවිතා කරමින් app එකක් හෝ කිසියම් මෘදුකාංගයක් build කර ඇත්නම්, එම කටයුත්ත සිදු කරගැනීම සඳහා ඇය විසින් හඳුන්වාදුන් තාක්ෂණයන් භාවිතා කර තිබෙනවා.

බොහෝ විට වෙළඳ මුහුණුවරක් ඇති පුද්ගලයින් ඉමහත් ප්‍රසිද්ධියට පත් වුවත්, Frances Allen, Dennis Ritchie, Larry Tesler වැනි සැබෑ ලෙසම සේවයක් කළ පුද්ගලයින් පිළිබඳව සමාජයේ අවධානය යොමු වන්නේ ඉතාමත් අඩු ප්‍රමාණයකින් බව දැකගත හැකි වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engadget වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය සහ New York Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.