පරිගණකය හෝ බොහෝමයක් digital devices වල අපි නිතරම භාවිතා කරන concept එකක් වන copy/cut සහ paste යන විධානයන් ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.

බොහෝ වෙලාවට එදිනෙදා වැඩකටයුතු වලදී මේ concept එක සොයාගත් පුද්ගලයාට පින් දෙමින් මෙය භාවිතා කලත් මෙය සැබැවින්ම ලොවට දායාද කළ පුද්ගලයා වන Larry Tesler මහතා පසුගිය පෙබරවාරි 17 වැනි දින මෙලොවින් සමුගෙන ගොස් තිබෙනවා.

1945 වර්ෂයේ New York නගරයේ උපත ලැබූ මොහු මිය යන විට වසර 74ක් වූ අතර කැළිෆෝනියාවේ Stanford University එකෙහි ඉගෙනුම ලබා තිබෙනවා.

Copy & paste concept එකට අමතරව අපි නිතරම භාවිතා කරන find & replace concept එකත් මොහුගේ නිර්මාණයක් වන අතර මීට අමතරව අපි එදිනෙදා පරිගණක භාවිතා කරන විට අපේ වැඩ පහසු කරන බොහෝමයක් විධාන සහ concepts වලට මො‍හුගේ ආභාශය ලැබී තිබෙනවා.

1980 වර්ෂයේදී මොහු Apple සමාගමට එකතු වුණු අතර 1997 වර්ෂය දක්වා ඔහු එහි සේවය කර තිබෙනවා. මේ කාළසීමාව ඇතුලත Macintosh, QuickTime, Lisa සහ Newton tablet යන products සඳහා මොහුගේ දායකත්වය ලැබී ඇති අතර cut, copy සහ paste යන පහසුකම ඇතුලත් වූ ප්‍රථම personal computer ලෙස Apple සමාගමේ Macintosh සහ Lisa යන පරිගණක හඳුන්වාදිය හැකි වෙනවා.

Larry Tesler මහතා පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ඔහුගේ නිළ වෙබ් අඩවිය හා CV එක භාවිතා කළ හැකි අතර මේ සිදුවීම පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.