Android 10 මත පදනම් වූ MIUI 11 සංස්කරණය පසුගිය වසරේ ඔක්තෝබර් මස නිකුත් කිරීමට Xiaomi සමාගම කටයුතු කල අතර ඉන් පසුව දෙසැම්බර් මාසය වන විට MIUI 11.1 යනුවෙන් සංස්කරණයක් ද නිකුත් කිරීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Xiaomi ජංගම දුරකථන රැසකට අලුත් පහසුකම් රාශියක් සමඟින් MIUI 11.1 update එක ලබාදීමට සූදානම් වෙයි
Xiaomi ජංගම දුරකථන සදහා මෑතකදී ඔවුන්ගේ Android-based මෙහෙයුම් පද්ධතිය වන MIUI[https://en.wikipedia.org/wiki/MIUI] වල අලුත්ම සංස්කරණය වන MIUI 11 සංස්කරණයනිකුත් කිරීමට කටයුතු කළ බව ඔබ දකින්නට ඇති. ඔන්න දැන් Xiaomi සමාගම විසින් මේ MIUI 11 සංස්කරණයෙන් පසුව තවත් අලුත් පහසුකම්කිහිපයක් සමඟින් MIUI 11.1…

ප්‍රධාන release එකෙන් මාස හයකට පසු Xiaomi සමාගම දැන් සූදානම් වන්නේ Android 10 මත ගොඩනඟන ලද MIUI 12 සංස්කරණය නිකුත් කිරීමට වන අතර එය මෙම මස 27 වනදා online event එකක් පවත්වමින් සිදු කිරීමට ඔවුන් බළාපොරොත්තු වෙනවා.

මෙම online event එක අතරතුරදී Mi 10 Youth ජංගම දුරකථනයද නිකුත් කිරීමට Xiaomi සමාගම සූදානමින් සිටින බව වාර්ථා වෙනවා.

නව UI එකේ ඇති features පිළිබඳව වැඩි තොරතුරු වාර්තා නොවන නමුත් Xiaomi dark mode 2.0 සහ නව UI එකක් ඇතුළත් Setting Menu එකක්, Wallpaper Dimming පහසුකම, Font weight adjustment, Font Contrast adjustment ආදී අලුත් features රැසක් ඇතුළත් කර ඇති බව වාර්තා වනවා.

MIUI 12 - Wallpaper Dimming

එමෙන්ම අන්තර්ජාලය තුළ පළව ඇති වාර්තා අනුව MIUI 12  update එක ලැබීමට නියමිත දුරකථන මාදිලි ලැයිස්තුවක් පහත් දක්වා ඇති අතර මෙම ලැයිස්තුවට නව මාදිලි එක් වීමට හෝ ඉවත් වීම සිදු විය හැකියි.

  • Xiaomi Mi 10, Mi 10 Pro, Mi 10 Lite
  • Xiaomi Mi 9, Mi 9 SE, Mi 9 Lite
  • Mi Note 10, Note 10 Pro
  • Xiaomi Mi 8 Pro, Mi 8, Mi 8 Lite
  • Redmi K20, K20 Pro / Mi 9T, Mi 9T Pro
  • Redmi K30, K30 Pro, K30 Pro Zoom
  • POCO F1 / POCOPHONE F1
  • POCO X2
  • Xiaomi Mi MIX 3
  • Xiaomi Mi MIX 2, Mi MIX 2S
  • Redmi Note 8, Note 8 Pro
  • Redmi Note 9S, Note 9 Pro, Note 9 Pro Max
  • Black Shark 3, 3 Pro
  • Xiaomi Mi A2, Mi A2 Lite
  • Xiaomi Mi A3
  • Redmi Note 8T
  • Redmi 8, Redmi 8A
  • Redmi Note 7, Note 7S, Note 7 Pro
  • Redmi 7, Redmi 7A
  • Redmi Y3
  • Xiaomi Mi Max 3
  • Redmi Note 6, Note 6 Pro
  • Redmi Note 5, Note 5 Pro
  • Redmi S2/Y2
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා fossbytes වෙබ් අඩවිය, BGR වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.