Google Assistant now gives more details about when it’ll rain

කතුවරයා
Kasun Jayarathna
Save කරන්න
Share කරන්න

    ඔයාලා හැමෝම වගේ මේ වෙනකොට වරක් හෝ Google Assistant ගෙන් කාළගුණ විස්තර අසා ඇති.

    මේ වනතුරු එයට හැකියාව ලැබුනේ ඒ පිළිබඳව ඔව් හෝ නැහැ යනුවෙන් කෙටි පිළිතුරක් ලබාදීමට හෝ අද දිනය තුලදී සිදුවියහැකි දෙයක් පිළිබඳව විස්තර රැගෙන ඒමටයි.

    නමුත් දැන් අළුතින් කාළගුණය ගැන විස්තර ලබාදීමේදී ඊට අදාල පැය ගණන හෝ අදාල කාළ සීමාව සඳහන් කිරීමට මේ Google Assistant ට පුළුවන් වෙලා තිබෙනවා.

    google_assistant_rain_hour-techie

    එමෙන්ම ඉහත් screenshots වල දැක්වෙන ආකාරයට, කඩින් කඩ වැසි ඇති වන්නේ නම්, ඒ හා සම්බන්ධ කාල ප්‍රාන්තරයන් වෙන වෙනම දැක්වීමට මේ Google Assistant ට දැන් පුළුවන්. Google Assistant ට වගේම Google Home devices වලටත් මේ update එක ලබා දීමට Google සමාගම කටයුතු කරනවා.