2020 මැයි 4 වන දින Elon Musk සහ ඔහුගේ සහකාරිය වන Grimes විසින් ඔවුන්ගේ පළමු දරුවා බිහිකල අතර ඔහුගේ නම "X Æ A-12" ලෙස යොදනු ලැබිය.
කොහොම නමුත් මෙම නම උච්චාරණය කරන්නේ කෙසේදැයි ලොව පුරා බොහෝ දෙනකුගේ කතාබහට ලක් විය.
May 7 වන දින Joe Rogan ගේ Experience වැඩසටහනට Elon Musk සහභාගී වූ අතර මේ දෙදෙනා සාකච්ඡා කළ පළමු කාරණය වූයේ Elon Muskගේ පුතාගේ නම උච්චාරණය කරන ආකාරය පිළිබඳවයි.
Musk පැවසුුවේ තම පුතාගේ නම “X Ash A 12” ලෙස උච්චාරණය කර හැකි බවයි වන අතර X යනු “X” සහ A-12 යනු “A 12” ලෙස ප්‍රකාශ කරන ලද අතර Grimes විසින් මේ නමේ එක් එක් කොටස් වල අර්ථය පිළිබද Tweet සටහනක් තබමින් ප්‍රකාශයට පත් කර ඇත.
•X, the unknown variable ⚔️
— ꧁ ༒ Gℜiꪔ⃕es ༒꧂ 🍓🐉🎀 小仙女 (@Grimezsz) May 6, 2020
•Æ, my elven spelling of Ai (love &/or Artificial intelligence)
•A-12 = precursor to SR-17 (our favorite aircraft). No weapons, no defenses, just speed. Great in battle, but non-violent 🤍
+
(A=Archangel, my favorite song)
(⚔️🐁 metal rat)
ඔහුන් දෙදෙනාම සඳහන් කළේ තම පුතාගේ නමේ A-12 කොටස යොදා ඇත්තේ ඔවුන්ගේ ප්‍රියතම ගුවන් යානය වන SR-71 හි Archangel-12 යන නාමය මත පදනම් ව වන බවයි
මෙම නම ඇත්ත වශයෙන්ම unique වුවත් කැලිෆෝනියාවේ සමහර පරිපාලනමය ගැටළු වලට මුහුණ දිය හැකිය බව වාර්ථා වන අතර එම වාර්ථා වලට අනුව පැවසෙන්නේ කැලිෆෝනියාවේ කාර්යාල වල ඉංග්‍රීසි අක්ෂර මාලාවේ අක්ෂර 26 පමණක් අඩංගු නම් පමණක් පිළිගන්නා බවයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ CNet වෙබ් අඩවිය භාවිතා කළ හැක.