Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානම් වූ නමුත්, එයට ආරම්භයේ පටන්ම බොහෝ බාධක වලට මුහුණදීමට සිදු වුණු අතර ඒ පිළිබඳව අපි ඔබව මීට පෙර කිහිප වතාවක් දැනුවත් කළා මතක ඇති.

Facebook සමාගමේ cryptocurrency එකේ logo එක copy කරන ලද්දක් බව ප්‍රකාශ කරමින් නඩු පැවරීමට කටයුතු කරයි
Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානම් වන බවපසුගිය ජුනි මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති. Facebook සමාගමේ cryptocurrency එක Visa, Mastercard සහ Paypal වල සහාය ඇතිව ලබනසතියේදී එළිදක්වන ලකුණුFacebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක්එළිදැක්වීමට සූදානමින්…

කොහොම නමුත් Financial Times වෙබ් අඩවියෙහි වාර්තාවකට අනුව, මේ cryptocurrency එක වන Libra coin එක ලබන ජනවාරි මාසයේදී දියත් කිරීමට බලාපොරොත්තු වන බව වාර්තා වෙනවා.

මෙය පළමු වරට නිකුත් කිරීමට සූදානම් වන විට, සාමාන්‍යය fiat මුදල් මත සහ වෙනත් සංචිත මත පදනම් වුණු cryptocurrency එකක් ලෙස නිර්මාණය කිරීමට කටයුතු යෙදුණා.

කෙසේ නමුත් බොහෝ මහ බැංකු සහ මුදල් සම්බන්ධ නියාමකයින් මෙම දැක්ම ගැන සමීක්ෂණ පවත්වන්නට වූ අතර, ඒ හරහා එල්ල වුණු බලපෑම් වල ප්‍රතිපලයක් ලෙස ලිබ්රා Coin එක තමන්ගේ දැක්ම වෙනස් කර, වෙනත් currency මත තම අගය වෙනස් නොවන stablecoin එකක් ආකාරයෙන් තම coin එක නිර්මාණය කිරීමට තීරණය කරනු ලැබ තිබෙනවා.

Facebook-backed association revamps Libra following regulatory concerns – TechCrunch
The Libra Association, the consortium created by Facebook to oversee all things Libra, has updated its white paper to make some changes. The association is abandoning its original plan to create a global stablecoin directly tied to a basket of fiat currencies and securities. The Libra Association no…

Stablecoins යනු නිශ්චිත ව්‍යවහාරික මුදල් වලට සාපේක්ෂව වටිනාකමෙහි වෙනස්වීම් නොවන Crypto මුදල් වන අතර, ඒවා Bitcoin, Ethereum වැනි අනෙකුත් මුදල් ලෙස අතිශ්‍ය ලෙස අස්ථාවර භාවයකින් යුතු වන්නේ නැහැ. උදාහරණයක් ලෙස USDT (Stable coin) එක සෑම විටම ඇමෙරිකානු ඩොලර් එකක අගය ගනී.

Libra ආයතනය විසින් ඔවුන්ගේ cryptocurrency එක සඳහා මූලික ලෙස USD, EUR, GBP හා SGD පදනම් කරගනු ඇති බව සඳහන් කර ඇති අතර Financial Times පුවත්පතට අනුව, Libra ආයතනය එක් coin එකක් ඩොළර් එකක වටිනකාමින් යුතු කාසියක් එළිදැක්වීමට සැලසුම් කරමින් සිටිනවා.

එය USDC, PAX සහ Tether (USDT) වැනි වෙනත් stablecoins සමඟ සෘජුවම තරඟ කරනු ඇති අතර, ඉදිරියේදී සාමාන්‍යය cryptocurrency එකක් ද එළිදැක්වීමට ඔවුන් බළාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වෙනවා.

Facebook සමාගම විසින් මේ Libra currency එක manage කිරීම සඳහා ඔවුන්ගේම wallet එකක් ද එළිදැක්වීමට සූදානමින් සිටින බව ද වාර්තා වෙනවා. මෙය මුලින් Calibra ලෙස හඳුන්වන අතර, Facebook අනුබද්ධිත සමාගමක් බලගැන්වුණු මෙය පසුගිය මැයි මස Novi නමින් Rebrand විය.

එමෙන්ම Libra මුදල් යැවීමට හෝ ලබාගැනීමට වෙන්වූ application එකක් ලෙස මෙය ක්‍රියාකිරීමට නියමිත අතර, Messenger සහ WhatsApp මගිනුත් මෙම මුදල් භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට නියමිත බව ද වාර්තා වෙනවා.

Facebook සමාගම අපේක්ෂා කරන පරිදී Libra මුදල් ඒකකය Peer to peer ගනුදෙනු සඳහාත් විදේශ මුදල් යැවීම සඳහාත් ඉදිරියේදී භාවිතා කිරීමට හැකියාව ලබාදෙනු ලබනවා.

මීට අමතරව Libra සංගමයේ සෙසු සාමාජිකයන් Libra පදනම් වුනු ඔවුන්ගේ සේවාවන් සැපයීමටද කටයුතු කරනු ඇති නමුත්, මේවා මෙම මූලික එළිදැක්වීමේ අවස්ථාවේදීම එළිදැක්වීමට කටයුතු නොකරනු ඇති බව ද වාර්තා වෙනවා. මෙම සෙසු සාමාජිකයන් අතරට Farfetch, Lyft, Shopify, Spotify සහ Uber ද ඇතුලත් වේ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunchවෙබ් අඩවිය සහ Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.