Facebook සමාගම විසින් ඔවුන්ගේම cryptocurrency එකක් එළිදැක්වීමට සූදානමින් සිටින බව පසුගිය වසරේ දෙසැම්බර් මස අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් ලැබෙන තොරතුරු අනුව Visa, Mastercard, Paypal, Uber සහ Booking.com යන ආයතන වල සහාය ද සමඟින් ලබන සතිය ඇතුලත Facebook සමාගම ඔවුන්ගේ අලුත්ම cryptocurrency එක වන Libra cryptocurrency එක එළිදැක්වීමට සූදානම් වන බව වාර්ථා වෙනවා.

එමෙන්ම ඉහත සඳහන් කළ සියළුම ආයතන ඇමෙරිකානු ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් බැගින් මේ කටයුත්ත සඳහා invest කරනු ලබන අතර එම සියළුදෙනා මේ අලුත් cryptocurrency එක පාලනය කරනු ලබන Libra Association එකෙහි සාමාජිකයන් බවට පත් වෙනවා.

මේ Libra cryptocurrency එක මෙම මස, එනම් ජුනි 18 වන දින එළිදැක්වීමට කටයුතු සූදානම් කර තිබෙන නමුත් මෙය භාවිතා කිරීමට හැකියාව ලැබෙන්නේ 2020 වර්ෂයේදී වන බවත් වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

මීට අමතරව WhatsApp සහ Messenger වැනි messaging platform හරහා මුදල් යැවීමේ හැකියාව ලබාදීමට හා ATM යන්ත්‍ර භාවිතා කරමින් මුදල් ගණුදෙනු කිරීමේ හැකියාව ලබා දීමටත් Facebook ආයතනය සූදානමින් සිටින අතර මෙහිදී ආරක්ෂාව හා money laundering, එහෙමත් නැතිනම් කළු සල්ලි ජාවාරම් වැනි කටයුතු වලින් පරෙස්සම් වීම සඳහා Bank of England සහ Western Union වැනි ආයතන වල උපදෙස් ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, The Guardian වෙබ් අඩවිය හා CNET වෙබ් අඩවිය භාවිතා කළ හැක.