මේ වන විට අපිට පණිවිඩයක්, Photo එකක්, Video clip එකක්, Audio clip එකක් මෙන්න ඕනෑම විදිහක file එකක් යැවීමට පවා WhatsApp භාවිතා කළ හැකි තත්ත්වයට වැඩිදියුණු කරන්නට Facebook සමාගම කටයුතු කර තිබෙන බව අපි හැමෝම දන්නවා.

ඉතින් මෙයින් නොනැවතී WhatsApp හරහා කිසියම් කෙනෙකුට මුදල් යවන්නත් හැකියාව ලබා දෙන්නට cryptocurrency භාවිතා කරන ක්‍රමයක් සකස් කිරීමට ඔවුන් සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

කොහොම වුණත් මූලිකව මෙය ඉන්දියාව පදනම් කරගෙන නිර්මාණය කිරීමට මොවුන්ගේ අවධානය යොමු වී ඇති අතර එහි මූලික අරමුණ වන්නේ පිට රට වල වැඩට යන ඉන්දියානුවන් හට පහසුවෙන් තම නිවෙස් කරා තමන් උපයන මුදල් හුවමාරු කිරීමට මාර්ගයක් සකසා දීම වන බව වැඩිදුරටත් ඔවුන් ප්‍රකාශ කරනවා.

පසුගිය 2014 වර්ෂයේ මැයි මාසයේදී PayPal හි සභාපතිවරයෙකු වූ David Marcus ව Facebook Messenger වෙනුවෙන් සේවයට බඳවාගන්නට කටයුතු කළ Facebook සමාගමට මේ වන විට තම Blockchain කණ්ඩායම වෙනුවෙන් 40ක පමණ සේවක පිරිසක් සිටින බව වාර්ථා වෙනවා.

එමෙන්ම Bloomberg වෙබ් අඩවිය වාර්ථා කරන ආකාරයට Facebook සමාගම තම cryptocurrency එකේ මිල ඉහළ-පහළ යෑම අවම මට්ටමක පවත්වාගැනීම සඳහා stablecoin නම් වූ cryptocurrency මාදිලියක් තම නිර්මාණයන් සඳහා යොදා ගැනීමට සූදානම් වෙනවා.

කොහොම නමුත් මේ ආකාරයේ නිර්මාණයක් ලොවට එළිදැක්වීමට Facebook සමාගමට තවත් බොහෝ කාලයක් ගතවනු ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.