ඔබ OnePlus device එකක් භාවිතා කරනවා කෙනෙක් නම්, ඔබගේ Wallpaper selection menu එක තුළ ඇති  ‘Shot on OnePlus’ app එක හරහා ලොව පුරා වෙනත් OnePlus devices වලින් එකතු කරන Photos Wallpaper එක ලෙස භාවිතා කර ඇති.

මේ සේවාවට Photos ඇතුලත් කිරීම සඳහා මොවුන්ගේ app එක හෝ වෙබ් අඩවිය භාවිතා කළ හැකි අතර මේ සඳහා එහි register වී තිබීම අනිවාර්යය වෙනවා. එමෙන්ම අදාල පුද්ගලයාගේ නම, රට email address එක වැනි තොරතුරු ඒ සඳහා ඇතුලත් කළ යුතු වෙනවා.

මෙලෙස upload කරනු ලබන photos වලට title එකක්, location එකක් සහ description එකක් ඇතුලත් කිරීමේ හැකියාව තිබෙන අතර, අදාල ඡායාරූපය select වුවහොත් Shot on OnePlus app එක හරහා සියළුදෙනා හට එය ලබා ගැනීමේ හැකියාව ලැබෙනවා.

මේ කටයුත්ත සිදු කිරීම සඳහා open.oneplus.net එකෙහි host කර ඇති API එකක් භාවිතා කරනු ලබන අතර, token එකක් පමණක් භාවිතා කරමින් මෙම API එක access කර ඕනෑම කෙනෙකු හට සාමාන්‍යය පරිශීලකයන් හට බළාගැනීමට නොහැකි ලෙස පවතින රහසිගත දත්ත පවා ලබා ගැනීමේ හැකියාව ලැබෙන බව වාර්ථා වෙනවා.

විශේෂයෙන්ම මේ ආකාරයේ දත්ත API එකක් භාවිතා කරමින් හුවමාරු කරන විට ඒවා encrypt කරනු ලබන අතර, API එක access කිරීම සඳහා භාවිතා කරනු ලබන access token එක ද පිටස්තරයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා මේ ආකාරයටම encrypt කරනු ලබනවා.

මෙම දත්ත වල ඇතුලත් වන gid යන property එක හරහා මුල් අකුරු දෙක CN නම් චීනයේ ද, EN නම් වෙනත් රටක ද user කෙනෙකු ලෙස සටහන් වන අතර ඊට පසුව තිබෙන number එකද ඇතුළුව ගත් විට අදාල user ගේ userID එක ලෙස මෙය භාවිතා කෙරෙනවා.

මීට අමතරව විවිධ අංක මේ ආකාරයෙන් ඇතුලත් කිරීම හරහා විශාල පරිශීලකයන් ගණනකගේ දත්ත මේ හරහා එළියට නිරාවරණය වීමට අමතරව ඒවා update කිරීමේ හැකියාව ද ලැබී තිබෙන අතර මෙම දුරවලතාවය මේ app එක නිකුත් කළ දින සිට තිබෙන්නට ඇතැයි අනුමාන කෙරෙනවා.

මේ පිළිබඳව 9to5google වෙබ් අඩවිය විසින් OnePlus ආයතනය දැනුවත් කර ඇති අතර මෙයට තාවකාලික විසඳුමක් ලෙස email එකෙහි මැදින් තිබෙන අකුරු තරු ලකුණු වලින් (d****@9to5mac.com ලෙස) ආවරණය කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.

එමෙන්ම අදාල API එක ආරක්ෂිත ලෙස සකස් කිරීමට ඔවුන් ඉතාමත් ඉක්මණින් කටයුතු කරනු ලබන බවත්, තම පරිශීලකයන්ගේ දත්ත වල ආරක්ෂාව ඔවුන් හට ඉතාමත් වැදගත් වන බවත් ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය, Android Authority වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.