පසුගිය මාසයේදී Facebook වල ඇති photos සහ videos, Google Photos සේවාව වෙත transfer කිරිමට හැකියාව ලබාදෙන tool එකක් හදුන්වා දෙන බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook හි ඇති photos සහ videos Google Photos වෙත හුවමාරු කිරිමට tool එකක් හදුන්වා දෙයි
පසුගිය දෙසැම්බරයේදි Facebook සමාගම සිය Data Transfer Project එකෙහි කොටසක් ලෙසphoto transfer tool එකක් හදුන්වා දීමට සූදානමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතකඇති. Facebook වල ඇති Photos, Google Photos වෙත transfer කිරීමේ හැකියාව නුදුරේදීමලබාදීමට සූදානම් වෙයිGoogle, Facebook, Microsoft සහ Twitter …

මේ tool එක මෙම වසරේ මුල් භාගය ඇතුලත සියළුම Facebook පරිශීලකයින් හට ලබාදීමට Facebook සමාගම සූදානමින් සිටින බව අපි පසුගිය ලිපියේ සඳහන් කළ අතර එම අවස්ථාව වන විට අප්‍රිකානු, ආසියානු, පැසිෆික් සහ ලතින් ඇමෙරිකානු රටවල් මෙන්ම, ඇමෙරිකාව සහ කැනඩාව වැනි තෝරාගත් රටවල් කිහිපයකට පමණක් මෙය ලබාදීමට කටයුතු කර තිබුණා.

කෙසේ වෙතත් මේ වන විට වාර්ථා වන අන්දමට, මෙම Tool එක ලොව පුරා සියලුම Facebook පරිශීලකයන් හට භාවිතා කිරීමේ හැකියාව ලබාදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

In a post on Twitter, Facebook has confirmed the transfer tool is globally available.

මෙම Tool එක භාවිතා කිරීම ඉතාමත් පහසු වන අතර ඔබ සිදු කළ යුතුව ඇත්තේ Facebook හි Settings වල ඇති “Your Facebook Information” tab එක හරහා ඔබගේ Facebook Account එක සහ Google Photos Account එක සම්බන්ධ කිරීම පමණක් වන අතර, ඒ හරහා ඔබගේ Facebook Photos, Google Photos වලට හුවමාරු කිරිමට කිරිමට හැකියාව ලැබෙනවා.

Driving Innovation in Data Portability With a New Photo Transfer Tool - About Facebook
We’re releasing a tool that will enable Facebook users to transfer their Facebook photos and videos directly to other services, starting with Google Photos.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.