පසුගිය දෙසැම්බරයේදි Facebook සමාගම සිය Data Transfer Project එකෙහි කොටසක් ලෙස photo transfer tool එකක් හදුන්වා දීමට සූදානමින් සිටින බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Facebook වල ඇති Photos, Google Photos වෙත transfer කිරීමේ හැකියාව නුදුරේදීම ලබාදීමට සූදානම් වෙයි
Google, Facebook, Microsoft සහ Twitter වැනි ආයතන වලට අදාල platform හරහා පහසුවෙන්data transfer කිරීමේ හැකියාව ලබාදෙන Data Transfer Project[https://datatransferproject.dev/] නම් වූ ව්‍යාපෘතිය ගැන 2018 වර්ෂයේදී අපි ඔබවදැනුවත් කළා මතක ඇති. Google, Facebook, Microsoft, සහ Twitter අතර පහසුවෙන් Data tr…

2020 මාර්තු මාසයේදි පමණ අප්‍රිකානු, ආසියානු, පැසිෆික් සහ ලතින් ඇමෙරිකානු රටවල් සිටින Facebook පරිශීලකයන් හට මෙන්ම පසුගිය අප්‍රේල් 30 වැනි දින සිය ඇමෙරිකාව සහ කැනඩාව යන රටවල් වලටත් මෙම පහසුකම ලබාදීමට කටයුතු කර තිබෙනවා.

View post on imgur.com

"The Data Transfer Project" එක යනු විවිධ online services අතර පහසුවෙන් ම Data ගෙන යාමට users ලා හට උපකාර කිරීම සඳහා 2018 දී ආරම්භ කරන ලද data-sharing වැඩසටහනක් බව අපි ඔබව එම වසරේදී දැනුවත් කළා මතක ඇති.

Google, Facebook, Microsoft, සහ Twitter අතර පහසුවෙන් Data transfer කිරීමට මග සැලසෙයි
Facebook එකේ යාළුවෙක් share කරලා තියන photo එකක්, ඔයාගේ Google Drive එකේ saveකරගන්න වුවමනා නම්, Facebook එකෙන් ඒක download කරලා, Google Drive එකට uploadකරන්න ඕන නේද? එහෙම නැතිව Facebook එකෙන් සෘජුවම ඔයාගේ Google Drive එකේ අදාල image එක save කරන්නපුළුවන් නම් ඒක කොයි තරම් වටිනවා ද කියලා අමුතුවෙන් …

තාක්ෂණික ලෝකයේ දැවැන්ත සමාගම් වන Apple, Facebook, Google, Microsoft, සහ Twitter වැනි ආයතන කිහිපයක් සහයෝගයෙන් මෙම Project එකේ කටයුතු කරනු ලබනවා.

Facebook settings

මෙම Tool එක භාවිතා කිරිමට ඉතාමත් පහසු අතර මේ සදහා ඔබට සිදු කිරිමට ඇත්තේ ඔබගේ Facebook account එක සදහා Google Photos account එක සම්බන්ද කිරිම පමණි.

මෙම පහසුකම ඔබට ලැබුණු විට Facebook Settings වල ඇති “Your Facebook Information” tab එක හරහා ඔබගේ Facebook ගිණුම සහ Google Photos ගිණුම සම්බන්ධ කරගැනීමේ හැකියාව ඇති අතර ඒ හරහා ඔබගේ Facebook Photos, Google Photos සමඟින් සම්බන්ධ වනු ඇත.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Theverg වෙබ් අඩවිය භාවිතා කළ හැක