බොහෝ දෙනෙකු තමන්ගේ Facebook ගිණුම වසර ගණනාවකට පෙර සිට පවත්වාගෙන එනු ලබන අතර ඔබ ඔබගේ Facebook ගිණුමේ මීට වසර ගණනාවකට පෙර එක් කල ඇතැම් posts වර්ථමානයේදී ඔබව අපහසුතාවයට පත් කරන අවස්ථා වලට ඔබ මුහුණ දී ඇති.

විශේෂයෙන්ම Facebook “memories” feature එකත් සමග මෙම ගැටළුව තවත් ඉහල ගොස් ඇති අතර “memories” feature එක මගින් ඔබගේ අතීතය පිළිබඳ සුන්දර මතකයන් නැවත මතක් කරගැනීමට හැකියාව ලැබෙනවා මෙන්ම, ඔබව අපහසුතාවයට පත්කරවන ඇතැම් posts ද ඔබට මතක් කර දෙයි.

Facebook සමාගම විසින් “Manage Activity” නමින් හදුන්වන නව tool එකක් හඳුන්වා දෙමින් ඔබ පෙර posts කල, නමුත් දැන් ඔබව අපහසුතාවයට පත් කරනු ලබන posts පහසුවෙන් කළමනාකරණය කිරීම සදහා options දෙකක් හදුන්වා දීමට මේ වන විට කටයුතු කර තිබෙනවා.

මේ සඳහා හඳුන්වා දුන් පහසුකම් ද්විත්වය අතරින් පළමුවැන්න වන “Archive” කිරීමේ විශේෂාංගය මගින් සිදුවන්නේ post එක සම්පූර්ණයෙන්ම delete නොවී, එය අනෙකුත් පුද්ගලයින් හට දැකගත නොහැකි වන සංරක්ෂණය වීමයි.

මේ හරහා අපට අවශ්‍යය ඕනෑම අවස්ථාවක එය නැවත නැරඹීමේ හැකියාව ලැබෙන නමුත් වෙනත් කිසිවෙකු හට එය දැකගත නොහැකි ලෙස සකස් වෙනවා.

View post on imgur.com

මීට අමතරව “Trash” විශේෂාංගය හරහා අනවශ්‍යය posts “Trash” එකට යොමු කරනු ලබන අතර ඔබ එය ක්ෂණිකව මකාදැමීමට කටයුතු නොකළහොත් එහි දින 30ක කාලයක් දක්වා අදාල post එක save වී තිබෙනවා. එම කාලසීමාවෙන් පසුව ස්ව්‍යංක්‍රීයව අදාල post එක delete වී යන බව Facebook සමාගම පෙන්වා දෙනවා.

මේ ආකාරයෙන් ඉවත් කිරීමට සහ කළමනාකරණය කරගැනීම සඳහා විශාල post ප්‍රමාණයක් ඇති අවස්ථා වලදී, ඒවා පහසුවෙන් manage කිරීම සඳහා පුද්ගලයින් සහ දිනයන් මෙන්ම (photo, video, text updates) ආදී content type එක අනුව ද මේවා filter කිරීමේ හැකියාව ද ලබාදීමට Facebook සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම මූලිකව Facebook mobile apps සහ Facebook Lite app එකට එකතු කිරීමට නියමිත බවත්, අනාගතයේදී මෙය Facebook web app එක සඳහා ද හදුන්වා දීමට නියමිත බව Facebook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developer වෙබ් අඩවිය, Facebook Newsroom එක, Android Police වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.