2015 වර්ෂයේ Discord සේවාව ආරම්භ වීමේ සිට, මේ වන විට මිලියන 250 කට අධික පරිශීලකයින් පිරිසක් ඒ සමඟින් සම්බන්ධ වී ඇති අතර මෙය බොහෝ විට Gamers ලා සහ professionals ලා අතර මෙය ඉතාමත් ජනප්‍රිය සේවාවක් වෙනවා.

මේ සේවාව මෙතරම් ප්‍රසිද්ධ වීමට ප්‍රධානතම හේතුවක් වනුයේ text-based communication මෙන්ම VoIP calls ලබාගැනීමේදී ද මෙහි ඇතුලත් වන විවිධ ආකාරයේ පහසුකම් නිසාවෙන් වන අතර මෙය තවත් වැඩිදියුණු කරමින් තම පාරිශිලකයන් හට හොඳ තත්ත්වයේ calling experience එකක් ලබා දීම සඳහා noise suppression සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සමාගමක් වන Krisp ආයතනය සමඟින් සම්බන්ධ වී, මේ වසර මුලදී desktop පරිශීලකයින් සඳහා noise suppression feature එක හඳුන්වාදීමට Discord ආයතනය කටයුතු කරනු ලැබුවා.

Talking to each other during COVID-19
Hanging out in voice chat is one of the best parts of Discord. Making memories with friends and giving you an easy place to talk with them and belong is what we’re all about. Keeping our voice…

මෙහි විශේෂත්වය වන්නේ මේ noise reduction පහසුකම, එහෙමත් නැතිනම් background noise ඉවත් කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන්නේ machine learning තාක්ෂණය උපයෝගී කරගෙන වීමයි.

මේ වන විට මෙම පහසුකම ඔවුන්ගේ Android app එකේ alpha සංස්කරණයකට අන්තර්ගත කිරීමට කටයුතු කර ඇති අතර  ඇතැම් Android පරිශීලකයින් සඳහා මෙය ලබාදීමට කටයුතු කර ඇති බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

Discord app එක තුළ ඔබ යම්කිසි channel එකක සිටින විට, noise suppression feature එක App එකේ ඉහළ දකුණු කෙළවරේ නව icon එකක් ලෙස දිස් වන අතර noise suppression icon එක මත tap කළ විට background noise එක ක්ෂණිකව ඉවත් වීමක් සිදු වෙනවා.

එසේ නැතහොත් app එකේ settings වලට ගොස් හෝ ඕනෑම channel එකක, three-dot menu එකට ගොස් noise suppression පහසුකම සියළුම calls සඳහා enable කිරීමේ හැකියාව පවතිනවා.

මෙම feature එක තවමත් ඉතා සුළු පරිශීලකයින් ප්‍රමාණයකට පමණක් ලබා දි ඇති බව සදහන් වන අතර, ඔබට අවශ්‍යනම් පහත link එකෙන් ගොස් Discord 24-alpha 1 APK එක Download කර ගැනිමේ හැකියාව තිබෙනවා.

Discord - Friends, Communities, & Gaming 24-alpha1 APK Download by Discord Inc. - APKMirror
Discord is an all-in-one communication app for your communities, gaming, and friends. Chat and have fun in a custom server, where organized text channels and open voice channels make it easy to hop into a game together, plan your next meetup, or just keep in touch throughout the day. A NEW WAY TO C…
අදාල APK එක මේ link එක හරහා download කරගත හැක

කොහොම නමුත් XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙන අන්දමට ඔවුන්ගේ ඇතැම් පරිශීලකයින් මේ APK එක භාවිතා කරමින් අදාල පහසුකම භාවිතා කිරීමට උත්සාහ කරනු ලැබුවත් එය සාර්ථක නොවූ බවත්, ඉදිරි සති කිහිපය ඇතුලත මෙය තවත් පරිශීලකයින් හට ලැබෙනු ඇති බවත්, ඔබට මෙම පහසුකම ලැබේවි යැයි සිතන්නේ නම් මෙය උත්සාහ කර බලන ලෙසත් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.