මේ මාසයේ 30 වැනිදා සිට Facebook, Facebook Messenger සහ Instagram යන apps, Windows Phone සඳහා තවදුරටත් ලබා දීම නවත්වා දැමීමට Facebook සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව අප්‍රේල් මස 30 වැනිදායින් පසුව Windows Phone භාවිතා කරන්නන් හට මේ Facebook, Messenger හෝ Instagram apps වෙනුවට තමන්ගේ web browser එක භාවිතා කිරීමට සිදු වෙනවා.

Instagram app එක තුළ මේ වන විට මීට අදාලව notification එකක් ද දර්ශනය කිරීමට Facebook සමාගම කටයුතු කර ඇති බව Reddit වෙබ් අඩවිය හරහා Windows Phone පරිශීලකයන් විසින් වාර්ථා කර තිබෙනවා.

කොහොම වුණත් මේ වන විට Windows Phone operating system එක භාවිතා කරනු ලබන ජංගම දුරකථන භාවිතා කරන්නේ ඉතාමත් අල්ප පිරිසක් වන බැවින් මේ හරහා විශාල බළපෑමක් ඇති නොවනු ඇති බව විශ්වාස කෙරෙනවා.

මීට අමතරව Microsoft සමාගම විසින් Windows 10 Mobile සඳහා ද security updates ලබා දීම හා සහාය දැක්වීම මේ වසරේ දෙසැම්බර් මාසයේ සිට නතර කර දමන අතර Windows 10 Mobile මෙහෙයමු පද්ධතියද මේ අනුව අතහැර දැමෙනවා.