Photo එකකින් අනවශ්‍යය කොටස් ඉවත් කිරීමේදී ඒ අවට තිබෙන කොටස් analyze කර, ඊට අනුකූලව හිස් ප්‍රදේශය නැවත generate කිරීමේ පහසුකම, එහෙමත් නැතිනම් content-aware fill පහසුකම Photoshop වලට ලබා දී මේ වන විට බොහෝ කාලයක් ගත වී තිබෙනවා.

ඊයේ දිනයේ නිකුත් කළ Adobe After Effects Spring Update එක සමඟින් මේ පහසුකම video සඳහා ද ලබා දීමට Adobe සමාගම කටයුතු කර තිබෙන අතර මේ හරහා video එකකින් අනවශ්‍යය කොටස් ඉවත් කිරීමේදී frame-by-frame ඒවා ඉවත් කිරීම තවදුරටත් අවශ්‍යය වන්නේ නැහැ.

මේ සඳහා Adobe Sensei ව්‍යාපෘතියේ machine learning platform එක භාවිතා කරනු ලබන අතර, ඒ මගින් frame-by-frame අදාල images වෙනස් කිරීම ස්ව්‍යංක්‍රීයවම සිදු කිරීමට After Effects මෘදුකාංගයට හැකියාව ලැබෙනවා.

බොහෝ වෙලාවට කිසියම් effect එකක් නිර්මාණය කිරීම සඳහා wire/cable වැනි දෑ භාවිතා කරනවා නම්, post production කටයුතු වලදී ඒවා ඉවත් කිරීම සඳහා මෙය ඉතාමත් ප්‍රයෝජනවත් පහසුකමක් වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Adobe Blog එක, Spark Page එක සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.