The New York Times කියන නම බොහෝ වෙලාවට මේ වන විටත් ඔබ අහලා ඇති. මූලිකව New York නගරය මූලික කරගෙන ආරම්භ වුවත් මේ වන විට ලොව පුරා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් බවට පත්වීමට මොවුන් සමත් වී තිබෙනවා.

මෙම ආයතනය ඔවුන්ගේ පැරණි පුවත්පත් හා වැදගත් තොරතුරු සියලුලක්ම පාහේ ඡායාරූපගත කර Times Square හි ඇති ඔවුන්ගේ office එකේ පහත මාලයේ තබා සුරක්ෂිත කිරීමට කටයුතු කර තිබෙන අතර මේ වන විට මෙම ඡායාරූප ඩිජිටල්කරණය කිරීමට ඔවුන්ට අවශ්‍යය වී තිබෙනවා.

මෙම ඡායාරූප ගොන්නට මිලියන 5ත් 7ත් අතර ප්‍රමාණයක ඡායාරූප එකතු වී තිබෙන අතර එදා සිට අද දක්වා ඔවුන් විසින් ප්‍රකාශයට පත් කළ සිදුවීම් වල තොරතුරු මේ අතර වන බව දැනගන්නට ලැබෙනවා.

මේ එකතුවේ ඇති බොහෝ ඡායාරූප හා තොරතුරු 19 වන සියවස දක්වා අතීතයකට දිව යන අතර මේවා ලොව වෙනත් කිසිඳු ස්ථානයක වත් සොයාගැනීමට නොමැති බව ඔවුන් ප්‍රකාශ කරනවා.

ඉතින් මේ ඡායාරූප ඩිජිටල්කරණය කිරීමේ කාර්ය්‍ය සඳහා New York Times ආයතනය විසින් Google සමාගමේ සහාය ලබාගැනීමට කටයුතු කර ඇති අතර මේ සඳහා Artificial Intelligence එහෙමත් නැතිනම් කෘතීම බුද්ධිය භාවිතා කිරීමට Google සමාගම තීරණය කර තිබෙනවා.

මේ අනුව එම ඡායාරූප ඩිජිටල්කරණය කිරීමට අමතරව ඒවායේ ඇති දිනයන්, ස්ථානයන් වැනි දෑ හඳුනාගෙන ඒවා එකට link කරමින් මෙම අතිවිශාල දත්ත එකතුව categorize කිරීමට ද Google සමාගම කටයුතු කරනු ලබනවා.

Google සමාගම ප්‍රකාශ කරන අන්දමට මේ කටයුත්තෙන් පසුව, Times ආයතනයට ඔවුන්ගේ object recognition tools, එහෙමත් නැතිනම් මේවායේ ඇති දත්ත හඳුනාගතහැකි tools භාවිතා කර අනාගතයේ මෙම තොරතුරු පහසුවෙන් search කළ හැකි අන්දමට සකස් කරගැනීමට හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් මෙම දත්ත මහජනයා හට access කිරීමට අවස්ථාව නොලැබෙන අතර මෙය Times ආයතනය විසින් ඔවුන්ගේ දත්ත ගබඩා වල store කිරීමට කටයුතු කරනු ලබනවා. එමෙන්ම, කෘතීම බුද්ධිය මගින් කළ හැකි දේවල් අතුරින් ඉතාමත් ප්‍රයෝජනවත් යෙදවීමක් ලෙස මෙම සිදුවීම පෙන්වාදිය හැකි වෙනවා.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.