TikTok එහෙමත් නැතිනම් Musical.ly කියන නම් මේ වන විට ශ්‍රී ලංකාව තුලත් ඉතාමත් ජනප්‍රියත්වයට පත් වී තිබෙන සේවාවක් බව මේ වන විට අපි හැමෝම දන්නවා.

පසුගිය Sensor Tower ආයතනය විසින් කරනු ලැබූ සමීක්ෂණයකට අනුව මේ TikTok app එක පසුගිය මාසය තුල Facebook, Instagram, YouTube සහ Snapchat යන සියළුම apps වලට වඩා වැඩි first-time downloads ප්‍රමාණයක් වාර්ථා කිරීමට සමත් වී තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා සිට ඔක්තෝම්බර් 30 වැනිදා වන විට මේ ආකාරයෙන් download කිරීමේ ප්‍රවණතාවය 31%කින් ඉහළ ගොස් ඇති බව ඔවුන් පෙන්වා දෙන අතර Google Play Store සහ App Store එක තුලින් මෙලෙස download කළ සංඛ්‍යාව මිලියන 3.81ක් පමණ වෙනවා.

මේ අතරින් downloads මිලියන 3.53ක් වාර්ථා කරමින් Facebook app ‍එක ලැයිස්තුවේ දෙවන ස්ථානය‍ේ පසු වෙනවා.

මේ අනුව 2017 වර්ෂය වන විට භාවිතා කරන්නන් මිලියන 1.13ක පසු වූ මොවුන් මේ වන විට 237% ගුණයක වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර මේ වන විට Top Charts වල Facebook හා Messenger වැනි Apps වලටත් ඉහළින් වැජඹෙන්නට සමත් වී තිබෙනවා.

Downloads ප්‍රමාණය මෙසේ වුවත්, Apptopia ආයතනයේ සොයාගැනීම් වලට අනුකූලව මෙම app එක නිතරම භාවිතා කිරීමේ ප්‍රවණතාවය 29%ක් පමණ වන බව දැනගන්නට ලැබෙනවා. Facebook වල මෙම ප්‍රවණතාවය 96% ද, Instagram වල 95% ද, Snapchat වල 95% සහ YouTube වල මෙය 95% වශයෙන් ද වාර්ථා වෙනවා.

ඉතින් මේ අනුව බළන කළ තවමත් Facebook ඇතුළු අනෙකුත් ප්‍රධාන apps වල තරමටම මෙය තම පරිශීලකයින් ඇද බැඳ තබාගන්නට සමත් නොවන නමුත් පසුගිය ජුනි මාසයේදී Tik Tok සමාගම කියා සිටියේ ලොව පුරා රටවල් 150ක් පුරාවට පරිශීලකයින් මිලියන 500ක් ඔවුන් සතු වන බවයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Business Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.