ඔයා Twitter භාවිතා කරනවා නම් Tweet thread එකක reply කියවන විට මූලික Tweet එකේ හිමිකරුගේ responses හඳුනාගැනීම මදක් අසීරු බව අත්දැකීමෙන්ම දන්නවා ඇති.

ඔන්න දැන් Twitter ආයතනය විසින් මේ ගැටළුවට පිළිතුරක් ලබා දීමට කටයුතු කර තිබෙන අතර මේ අනුව මූලිකව Twitter thread එක ආරම්භ කළ සාමාජිකයාගේ නමට පහලින් “original tweeter” යන නමින් label එකක් පෙන්වීමට කටයුතු කරනවා.

එදිනෙදා දන්න හඳුනන tweeps ලා අතරට මෙය එතරම් වැදගත් පහසුකමක් නොවුනත්, විශාල replies ප්‍රමාණයක් හිමි වන Tweets සඳහා මෙය බෙහෙවින්ම ප්‍රයෝජනවත් අංගයක් බවට පත් වනු නොඅනුමානය.

විශේෂයෙන්ම Elon Musk වැනි ප්‍රසිද්ධ පුද්ගලයන් Tweet එකක් පළ කළ විට එහි reply අතරට එම නම තිබෙන වෙනත් පුද්ගලයන් ද reply කර අනෙකුත් පිරිස නොමඟ යවන අවස්ථා කොතෙකුත් අපට දකින්නට ලැබෙන ප්‍රායෝගික උදාහරණ වලට අයත් වේ.

මේ අලුත් පහසුකම තවමත් පරීක්ෂණික මට්ටමේ තිබෙන පහසුකමක් වන අතර මේ වන විට iOS සහ Android හරහා Twitter App එක භාවිතා කරන සුළු පිරිසකට පමණක් මෙම පහසුකම මූලිකව නිකුත් කිරීමට Twitter සමාගම කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.