Google සමාගම ඔවුන්ගේ Google I/O event එකේ දිනය දැනුම්දීම සඳහා නිතරම වාගේ ප්‍රෙහේලිකාවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ඔබ දන්නවා ඇති.
කොහොම නමුත් මෙවර මේ වෙනුවෙන් ඉදිරිපත් කරනු ලැබූ ප්‍රෙහේලිකාව හරහා මීට අදාල දිනය හා ස්ථානය සොයාගැනීමට පහසු ක්‍රමයක් භාවිතා කිරීමට developer කෙනෙකු සමත් වී තිබෙනවා.
The keys to de castel are in your hands. Are you on the right path? #io19 pic.twitter.com/HfZuYk27nz
— Google Developers (@googledevs) January 26, 2019
මේ අනුව මෙවර Google I/O event එක මෙම වසරේ මැයි මස 7 වැනිදා සිට 9 වැනිදා දක්වා කැලිෆෝනියාවේ Mount View හි තිබෙන Shoreline රංගපීඨයේදී පැවැත්වීමට නියමිත බව දැනගන්නට ලැබෙනවා.
Google සමාගම විසින් මෙම ප්‍රෙහේලිකාව ඉදිරිපත් කරනු ලැබූ විට ලොව පුරා තාක්ෂණය පිළිබඳ උනන්දු වන්නන් මේ පිළිබඳව සොයා බැලීමට කටයුතු කරනු ලබන අතර සාමාන්‍යයෙන් මේ වර්ගයේ ප්‍රෙහේලිකාවක් විසඳා ගැනීමට විශාල වෙහෙසක් දැරිය යුතු වෙනවා.
කොහොම නමුත් Till Kottmann නමින් Twitter මත පෙනී සිටින පුද්ගලයා මෙයට අදාල දත්ත ගොනුවක් සොයාගැනීමට සමත් වී තිබෙන අතර මීට අදාල පිළිතුරු සියල්ලම එහි clear text ආකාරයෙන් තිබෙන බව දැකගන්න පුළුවනි.
Yup, they figured me out, they also removed the dummy tweet. I still have a screenshot of the json 😋 pic.twitter.com/4tqt1YchTM
— Till Kottmann (@deletescape) January 25, 2019
ඉතින් මේ Google I/O එක හරහා Google සමාගමේ මේ වසරේ එළිදැක්වීමට අදාල දේවල් අතරින් ප්‍රධාන ස්ථානයක් Android Q වලට හිමි වන අතර Google Duplex, Google Lens, Maps, සහ News වැනි දේ ගැන මෙහිදී අවධානය යොමු වේවි යැයි අනුමාන කරනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.