අමුත්තන් සමඟ සම්බන්ධ වීමේ ප්‍රවණතාවය වැඩි කරවන Facebook එකේ අළුත් feature එක

කතුවරයා
Mirshad Makeen
Save කරන්න
Share කරන්න

    Facebook කියන්නේ මේ වෙනකොට බිලියන 2 කට අධික භාවිතා කරන්නන් ප්‍රමාණයක් සිටින සමාජ ජාලයක් බවට පත් වී තිබෙනවා.

    නමුත් අපි Facebook හරහා නිතරම සම්බන්ධ වන්නේ පවුලේ අය මෙන්ම අපේ මිතුරු මිතුරියන් සමඟින් පමණක වන අතර, නාඳුනන අයෙකු සමඟ සම්බන්ධතාවයක් ඇති වන්නේ ඉතාමත් කළාතුරකින් බව අපි කවුරුත් හොඳින් දන්නා කරුණක්.

    එමෙන්ම මේ කළාතුරකින් මුනගැසෙන ආගන්තුකයින් වුවත්, බොහෝ විට විවිධ තරාතිරම් වල මෙන්ම විවිධ සමාජ මට්ටම් වලට අයත් වන නිසාවෙන් බොහෝ විට එම සම්බන්ධතා වැඩි කළක් පවතින්නේ නැහැ.

    ඔන්න දැන් Facebook ආයතනය විසින් මේ තත්ත්වය මඟහරවා භාවිතා කරන්නන් තවත් එවැනිම රස වින්දනයක් ඇති, ආගන්තුකයින් හා interact කිරීමට කටයුතු කිරීමේ පහසුකමක් එළි දැක්වීමට සූදානමින් පසු වන බව අනාවරණය කර තිබෙනවා.

    උදාහරණයක් ලෙස එකම group එකකට සම්බන්ධ වී සිටින හෝ එකම පාසලට ගිය කෙනෙකු නම් ඒ බව ඔහුගේ හෝ ඇයගේ නමට ඉදිරියෙන් පෙන්වන්නට කටයුතු කරනු ලබන අතර භාවිතා කරන්නන්ගේ පුද්ගලිකත්වයට මෙය සෘජුවම බලපාන කරුණක් වන බැවින් සෑම පුද්ගලයෙකුගේම profile එකෙහි public ලෙස හෝ friends of friends ලෙස settings සකසා ඇති තොරතුරු පමණක් මේ වෙනුවෙන් භාවිතා කරන්නට මොවුන් පරිස්සම් වනවා.

    මේ පහසුකම මේ වන විට පරීක්ෂණ මට්ටමේ තිබෙන බවත් ඉතාමත් නුදුරු දිනයකදී මෙය Facebook භාවිතා කරන සියළුදෙනා වෙත නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවත් Facebook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.