කෘතීම බුද්ධිය එහෙමත් නැතිනම් Artificial intelligence කියන්නේ මේ වන විට අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව අපි එදිනෙදා නිතරම භාවිතා කරන දෙයක් බවට පත් වෙලා තියනවා.

මේ අතරින් videos සහ phots edit කිරීමේදී මේ AI සහාය කෙදිනකටත් වඩා වැඩියෙන් මේ වන විට භාවිතා කරන්නට අපි පෙළඹිලා ඉන්නවා. ඔන්න දැන් dance කරන්නත් මේ කෘතීම බුද්ධිය භාවිතා කළ හැකි ක්‍රමයක් ගැන වාර්ථා වෙනවා.

වෙනත් කෙනෙකුගේ dance moves බලාගෙන ඒ ඔස්සේ තවත් කෙනෙකුගේ ශරීරයක් හැසිරවිය හැකි ලෙස මේ program එක සකසා ඇති අතර මෙය deepfakes for dancing යන නමින් හඳුන්වනු ලබනවා.

Califona වල පිහිටි Berkeley නම් වූ විශ්වවිද්‍යාලයේ සිසුන් හතරදෙනෙකු විසින් කරනු ලැබූ පරීක්ෂණයක ප්‍රතිඵලයක් ලෙස මේ තාක්ෂණය නිර්මාණය වී ඇති අතර මෙහිදී සිදු වන්නේ පළමුව එක් පුද්ගලයෙකු නර්ථනයේ යෙදී එහි වීඩියෝවක් නිර්මාණය කරනු ලබනවා.

මීළඟට එම වීඩියෝව මේ program එක හරහා දල මිනිස් රුවකට සමාන සැකිල්ලකට මෙම චලනයන් අනුයුක්ත කොට එය save කරගන්නා අතර, ඉන් අනතුරුව මීළඟ පුද්ගලයාගේ වීඩියෝවක් මෙම program එකට යොමු කළ යුතු වෙනවා. මෙම වීඩියෝවන් මිනිත්තු 20ක පමණ කාලයක් දීර්ඝ විය යුතු අතර තත්පරයට රූපරාමු 120ක් වත් අවම වශයෙන් තිබිය යුතු වෙනවා.

deepfakes-for-dancing-tech-news-sri-lanka

මේ අනුව මෙම පද්ධතිය විසින් දෙවනුව ලබා දුන් වීඩියෝව පිරීක්සා බලා, කලින් සකසාගත් සැකිල්ලෙහි ඇති dance moves වලට අනුකූලව දෙවන වීඩියෝව සකස් කරනු ලබනවා.

මෙය ඉතා සරළ process එකක් ලෙස පෙනුනත් එය එසේ නොවන්නේ අදාල වීඩියෝවේ අංග චලන වලට අදාලව මුහුණෙහි පිහිටීම නිවැරදිව තබා ගැනීම වැනි නිරවද්‍යයතාවය පිළිබඳ වූ සූක්ෂමතාවය රකින අතරද වීඩියෝවේ ගුණාත්මක බව රැක ගැනීම වෙනුවෙන් රූප රාමු ගණන ගැනද සැළකිලිමත් විය යුතු නිසාවෙනි.

ඔවුන් පෙන්වා දෙන පරිදි මෙහි තවමත් දුර්වලතාවයක් පවතින අතර, මෙම program එකට තවමත් නර්ථනයෙහි යෙදෙන්නන්ගේ ඇඳුම් හැසිරවීමට නොහැකි අතර මේ හේතුවෙන් නර්ථනයෙහි යෙදෙන්නන් අනිවාර්යයෙන්ම ඇඟට හිර වන ආකාරයේ ඇඳුම් ඇඳිය යුතු වෙනවා.

එමෙන්ම ඉහත video එකේ දැකිය හැකි ආකාරයට video එකෙහි යම් යම් අසාමාන්‍යයතා තවමත් දැකියහැකි වෙන අතර වඩාත් සංකීර්ණ moves ප්‍රතිනිර්මාණය කරන්නට මෙම AI මෘදුකාංගයට තවමත් හැකියාවක් නැති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

කොහොම නමුත් නුදුර අනාගතයේදීම මෙම තාක්ෂණය ඉතාමත් දියුණු තත්ත්වයකට පත් වේවි යැයි අනුමාන කළ හැකි අතර මෙම මෘදුකාංගය app එකක් ලෙස නිකුත් වීමට වැඩි ප්‍රවණතාවයක් තිබෙනවා. එය එසේ වුවහොත් මෙයින් නිර්මාණය වන videos ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කිරීමට තුඩු දේවි.