Facebook සහ ඊට අනුබද්ධ සේවා මගින් ළමුන්ට දැඩි බලපෑම් සිදු වන බව ඇමරිකානු කොංග්‍රසය ඉදිරියේ පැවැති සාක්ෂි විමසීමකදී හෙළිදරව්වී තිබෙනවා.

පසුගිය දින Facebook බිද වැටීමට හේතු වූ යැයි ලොව පුරා කතා වූ Facebook සමාගමේ හිටපු නිෂ්පාදන කළමනාකාරිණියක් වු Frances Haugen විසින් හෙළිදරව් කළ මතභේදාත්මක රහස්‍ය තොරතුරු ද මේ සදහා පාදක වී තිබෙනවා.

බිඳ වැටී තිබූ Facebook ඇතුළු සමාජ මාධ්‍යය යළි යථා තත්ත්වයට - සිදුවූයේ කුමක් ද යන්න හරියටම දැනගනිමු
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ රාත්‍රි 9.30 සිට පමණ මෙම Facebook සමාගමට අයත් සමාජ මාධ්‍යන් වන WhatsApp , Instagram , Facebook Messenger ඇතුළු සමාජ මාධ්‍යජාලා වෙත අන්තර්ජාලය ඔස්සේ පරි

එමෙන්ම Facebook අතර ජාති බේද ඇති කරනසුළු දුර්වල ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ අනුගමනය කරන බවටද Facebook සමාගමේ හිටපු කළමනාකාරිණිය හෙළි දරව් කර තිබෙනවා. කෝටි 720 ට අධික සක්‍රීය පරිශීලකයන් සිටින Facebook සේවාව තුළ අනන්‍යතාවය තහවුරු කළ නොහැකි ගිණුම් මේ වන විට බොහෝ ප්‍රමාණයක් තිබෙන අතර මෙම සේවාව තුළ මේ සදහා ගත හැකි ප්‍රමාණවත් තරමේ පියවර තිබුණත් Facebook ආයතනය විසින් ගෙන තිබෙන මෙම නීති සහ රෙගුලාසි පිළිබදව සෑහීමකට පත් විය නොහැකි බවයි Frances Haugen විසින් වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ.

මීට දින කිහිපයකට පෙර Facebook සේවාවක් වන Instagram තරුණ ගැහුණු ළමුන්ගේ මානසික සෞඛ්‍ය ට එල්ල කරන බලපෑම ඉතා දැඩි බවට ලෝකය පුරා විශාල වශයෙන් කතා බහට ලක්වුණා. මෙවැනි තත්ත්වයක් හමුවේ Facebook ආයතනය මේ සදහා ගත හැකි පියවරයන් නොගන්නේ ඇයි දැයි Frances Haugen විසින් දිගින් දිගටම අමෙරිකානු කොංග්‍රසය හමුවේ ප්‍රශ්න කරනු ලැබුවා.

Frances Haugen මහත්මිය විසින් ඇමරිකානු කොංග්‍රසය හමුවේ අනාවරණය කරනු ලැබූ කරණු ඇතුළත් සම්පූර්ණ වීඩියෝව Wall Street Journal YouTube නාළිකාව හරහා නරබන්න.

Facebook සේවාව නිසි නියාමනයකට ලක් විය යුතු බවටද, අසත්‍ය පුවත් ප්‍රචාරණය වැළැක්වීම සදහා ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බවටද ලෝකය පුරා චෝදනා එල්ල වන පසුබිමක, Frances Haugen විසින් නැගූ චෝදනා තවමත් Facebook ආයතනය විසින් ප්‍රතික්ෂේප කර නොමැති බවයි වාර්ථා වෙන්නෙ.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN News වෙබ් අඩවිය සහ The Guardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.