Microsoft සමාගම විසින් Windows 11 මෙහෙයුම් පද්ධතියේ stable සංස්කරණය සාමාන්‍යය පරිශීලකයින් හට නිකුත් කිරීමට සැළසුම් කර තිබුණේ අද, එනම් ඔක්තෝම්බර් 5 වැනි දින වුවත්, එය දිනයකට පෙර, එනම් ඊයේ දිනයේදී නිකුත් කිරීමට කටයුතු කරනු ලැබුවා.

මේ වන විට බොහෝ දෙනා Windows 11 මෙහෙයුම් පද්ධතියේ Insider previews සහ beta සංස්කරණ භාවිතා කරමින් සිටින අතර, දැන් එම සංස්කරණ වලින් ඉවත් වී සාමාන්‍ය ලෙස Windows 11 මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමට ඔවුන්ට හැකියාව ලැබෙනවා.

Update එක ලැබීමේ පිළිවෙල තීරණය වන්නේ අලුත්ම hardware ඇති devices සඳහා මුලින්ම ලබාදෙන ලෙස වන අතර, මෙම upgrade එක ලබාදීම 2022 වර්ෂයේ මැද භාගය දක්වා සිදු වනු ඇති බව Microsoft සමාගම පෙන්වා දෙනවා.

ඔබගේ පරිගණකයටත් මෙම update එක ලබාගැනීමේ හැකියාව ඇත්ද යන්න දැනගැනීම සඳහා Windows 10 Settings app එකේ, Windows Update section එක වෙත ගමන් කිරීමෙන් හැකියාව ලැබෙනවා.

කෙසේ නමුත් ඔබට මෙලෙස update එක ලැබෙන තුරු ඉවසා සිටීමට අවශ්‍යය නොවන්නේ නම්, Windows 11 Update Assistant වැඩසටහන download කරගැනීම හරහා සෘජුවම Windows 10 වල සිට Windows 11 දක්වා update කරගැනීමේ හැකියාව තිබෙනවා.

මීට අමතරව Windows 11 Pro සහ Windows 11 Home යන සංස්කරණ අතර වෙනස මෙන්ම, Windows 10 සහ Windows 11 අතර පහසුකම් වල ඇති වෙනස ද පහසුවෙත් තේරුම් ගැනීම සඳහා වෙනම වෙබ් පිටුවක් ලබාදීමට ද Microsoft සමාගම කටයුතු කර තිබෙනවා.

Microsoft සමාගම විසින් Windows 11 සංස්කරණය නිල වශයෙන් එළිදක්වයි
‘Next Generation Of Windows’ යන නමින් පසුගිය දවස් වල තාක්ෂණික ලෝකයේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වූ Windows 11 OS එක එළිදැක්වීමේ live event එක පසුගිය ජුනි 24 වන දින ශ්

මෙම Upgrade එක Windows 10 පරිශීලකයින් හට නොමිලයේ ලබාදෙන අතර, ‍එය install කරගැනීමට ප්‍රථමව එහි පහසුකම් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට ඉහත ලිපිය භාවිතා කළ හැක.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ නිළ Microsoft වෙබ් අඩවිය භාවිතා කළ හැක.