මේ වන විට අප එදිනෙදා භාවිතා කරන apps බොහෝමයකට dark mode පහසුකම අන්තර්ගත කර ඇති බව දැකගත හැකි අතර Facebook ආයතනයද තමන්ගේ Instagram, Messenger, Facebook Lite සහ WhatsApp වැනි apps සදහා dark mode එකක් හදුන්වා දී ඇති නමුත් ප්‍රධාන Facebook app එක සඳහා තවමත් dark mode එකක් හදුන්වා දී නොමැත.

කොහොම නමුත් 2019 වර්ෂයේ අගොස්තු මාසයේ සිට මේ පිළිබඳව ඉඟි කිහිපයක්ම දැක ගැනීමට හැකියාව ලැබුනත් මේ දක්වා ඒ පිලිබදව වැඩි විස්තරයක් සොයාගැනීමට නොහැකි වූ අතර නවතම screenshots කිහිපයක් නිසාවෙන් මේ පිළිබඳව නැවතත් කතාබහක් ඇති කිරීමට සමත් වී තිබෙනවා.

Android 10 වල system settings හරහා dark mode active කිරීම මගින් හෝ Facebook app එකෙහි පවතින settings මගින් dark mode එක active කර ගැනීමේ හැකියාව ඇති බව මෙම screenshots හරහා දැකගත හැකි වන අතර ‍ප්‍රධාන වර්ණය සඳහා තනි කළු පැහැයම බාවිත නොකර අළු මිශ්‍ර කළු පැහැයකින් ද, highlights සදහා Facebook නිල් වර්ණයම මේ mode එක නිර්මාණය කිරීම සඳහා භාවිතා කර ඇත.

එමෙන්ම reactions සියල්ලම සාමාන්‍යය app එකේ ආකාරයෙන්ම පෙන්වන අතර බොහෝදුරට මෙම නිර්මාණය අවසන් බවක් පෙනෙන නමුත් මෙය සාමාන්‍යය පරිශීලකයන් සදහා නිකුත් කිරීම සඳහා නියමිත දින වකවානුවක් පිළිබඳව මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැත.

Image Source: 9to5google වෙබ් අඩවිය

මීට අමතරව COVID-19 tracker එක පිළිබඳව කතා කිරීමේදී මෙම built-in tracker එක මගින් Facebook app එක තුළින්ම local COVID-19 cases සංඛ්‍යාව පිළිබඳව දත්ත ලබාගැනීමට හැකියාව ලැබෙනවා.

පහත screenshot එකේ ආකාරයට එය තම ප්‍රදේශය ආශ්‍රිතව සති 3ක කාලයක් මෙන්ම අවශ්‍ය නම් දින 7ක කාලයක Corona ආසාධිතයන්ගේ විචලනය නිරුපනය කරන ආකාරයක් පෙන්නුම් කෙරේ.

Image Source: 9to5google වෙබ් අඩවිය

ඊට අමතරව screen එකේ ඉහළින් global confirmed cases ප්‍රමාණය හා නවතම රෝගීන් එකතු වූ ගණන පෙන්වනු ලබනවා.


අවසාන විශේෂාංගය ලෙස Facebook හි ඇති digital wellbeing feature එක වන "Time on Facebook" එකෙහි redesign එකක් දැකගත හැකි අතර මෙම tool එක මගින් ඔබට ඔබ Facebook තුළ වැය කල කාලය වැනි දේ පිළිබඳව අවබෝධයක් ලබාගත හැකිය.

Image Source: 9to5google වෙබ් අඩවිය

මෙහි නව UI එක මගින් grid layout එකක් හදුන්වා දී ඇති අතර මීට පෙර අපි ඔබව දැනුවත් කළ “Quiet Mode” නම් නව option එකද ඇතුලත් කර තිබෙනවා.

Image Source: 9to5google වෙබ් අඩවිය

මේ සඳහන් කල සියලුම විශේෂාංග සහ dark mode එක පරිශීලකයන් සදහා නිකුත් කරන දිනයක් තවමත් සඳහන් කර නොමැති අතර බොහෝ විට COVID 19 tracker එක නුදුරේදීම අනෙකුත් විශේෂාංග වලට ප්‍රථමයෙන් කිරීමට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු විය හැක.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.