Epic Games හරහා free games redeem කර ගැනීමේදී two-factor authentication enable කර තිබීම අප්‍රේල් 28 සිට මැයි 21 දක්වා අත්‍යාවශ්‍ය වන බව Epic සමාගම විසින් නිවේදනය කර සිටිනවා.

මෙහි අරමුණ වන්නේ Epic game store එක භාවිතා කරන පිරිසගේ ආරක්ෂාව ඉහළ නැංවීමට පියවරක් ලෙස බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරයි.

Two-factor authentication යනු ඔබ ඔබගේ ගිණුමට username හා password ලබාදුන් පසු ඔබගේ ගිණුමට ඇතුළු වීමට ඔබගේ අනන්‍යතාවය තවත් ආකාරයකින් තහවුරු කිරීම සිදු කරනු ලබන ක්‍රමයක් වන අතර ඔබ add කල E-mail address එකට හෝ දුරකථන අංකයට ලැබෙන pin number එකක් හරහා මෙය සිදු කරනු ලබනවා.

ඔබගේ Epic Games Account settings වලට ගොස් මෙය enable කරගැනීම සිදු කළ හැකි අතර මේ ගැන සම්පූර්ණ විස්තර සහිතව Epic Games Support page එක හරහා තොරතුරු ලබාදීමට ද ඔවුන් කටයුතු කර තිබෙනවා.

Epic Accounts: Two-factor authentication and how to enable it
Two-Factor Authentication (2FA) is an optional sign-in feature that provides additional security for your account. If you decide to enable 2FA, each time you sign in using your password, you’ll ...

2019 ජනවාරි මස, ආරක්ෂක දුර්වලතාවයක් නිසා suspicious link එකක් click කිරීම මගින් Fortnite හරහා හැකර්වරුන් පිරිසකට Epic Games user accounts access කිරීමට හැකිව තිබුණා.

එමෙන්ම දින කිහිපයකට පෙර Nintendo සමාගම විසින් තමන්ගේ user accounts 160,000 කට පමණ පිරිසක් අනවසරයෙන් ඇතුළුවීමේ උත්සාහයන් දරා ඇති බව ඔවුන් පිළිගනු ලැබූ අතර මෙවන් සිද්ධීන් වලින් ඉදිරියේදී තම ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීමට මෙම පියවර ගෙන ඇති බව Epic සමාගම පවසනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනැගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Epic Games වෙබ් අඩවිය භාවිතා කළ හැක.