Password manager service එකක් භාවිතා කිරීම ඇත්තෙන්ම ඔබගේ online accounts ආරක්ෂිතව තබා ගැනීමට වැදගත් කාර්යභාරයක් සිදු කරනු ඇති අතර Google Play Store හරහා ඔබට මේ වන විට Password manager apps විශාල ප්‍රමාණයක් ලබා ගැනීමට හැකියාවක් තිබෙනවා.

මේ වන විට මේ අතරට එකතු වන අලුත්ම password managing app එක වන්නේ Dropbox සමාගම විසින් හඳුන්වාදී ඇති Dropbox Passwords app එක වන අතර මෙය ඉතාමත් minimal සහ clean user interface එකක් සහිතව නිර්මාණය කර තිබෙනවා.

මෙහි පෙනුම බොහෝ දුරට Dropbox cloud storage app එකට සමාන වන අතර ඔබගේ Dropbox account එක සමඟින් මේ passwords sync වන නිසා Windows, macOS මෙන්ම iOS වැනි platform ගණනාවක් හරහා මෙය භාවිතා කිරීමට හැකියාව ලැබෙනවා.

Dropbox Passwords සේවාව හරහා ම ඔබට අලුත් passwords generate කරගැනීමේ හැකියාව ලැබෙන අතර මෙහි අනතර්ගත වන zero-knowledge encryption තාක්ෂණය නිසාවෙන් අදාල passwords cloud එක තුලදී හෝ වෙනත් කිසිඳු තැනකදී Dropbox ආයතනයට හෝ වෙනත් පුද්ගලයෙකු හට දැකගත නොහැකි වන ලෙස ආරක්ෂා වෙනවා.

Dropbox Passwords - Invite Only - Apps on Google Play
Dropbox Passwords is currently in private beta and only available to some Dropbox customers. Dropbox Passwords (beta) provides password security by storing all your passwords in one secure place, then fills in usernames and passwords so you can instantly sign in to websites and apps. You can easil…

Dropbox Passwords app එක දැනට Early Access මට්ටමමේ පවතින අතර එය දැනට download කරගත හැකි වන්නේ ඇතැම් Dropbox පරිශීලකයින් හට පමණක් බව වාර්ථා වන නමුත් මෙය Google Play Store එක හරහා මේ වන විටත් download කරගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.