සුදු ජාතික පොලිස් නිලධාරියෙකු අතින් කලු ජාතික සිවිල් වැසියෙකු මරණයට පත් පත් වීමත් සමඟ ඊට එරෙහිව මේ දිනවල ඇමරිකාව පුරා පවතින නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වන විට ඒවා ප්‍රචණ්ඩ මට්ටමට පැමිණ, විරෝධතාකරුවන් වෙළඳ සැල් වලට ද හානි කර ඇති අතර ලෝක ප්‍රකට Apple Store ද මෙලෙස ඔවුන්ගේ ග්‍රහණයට ලක්වූ වෙළඳසැල් අතර වෙනවා.

Washington D.C., Los Angeles, San Francisco, New York සහ Philadelphia යන ප්‍රදේශවල ඇති Apple Store මේ ආකාරයෙන් විරෝධතාකරුවන් කොල්ලකෑමට ලක්වී තිබුණු අතර ඒ හරහා ඇපල් උපාංග බොහෝමයක් සොරකම් කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙලෙස නීති විරෝධීව ලබා ගනු ලැබූ ඇපල් උපාංග භාවිතා කළ නොහැකි ලෙස අක්‍රිය (lock) කිරීමට Apple සමාගම කටයුතු කරමින් සිටින අතර එපමණකින් නොනැවතී එම උපාංග කරන track කරනු ලබන බවට මෙන්ම ඊට අදාල තොරතුරු පොලිස් ස්ථාන වලට දැනටමත් ලබාදීමට කටයුතු කර ඇති බවටද Apple සමාගම අනතුරු අඟවනවා.

Please return to Apple Walnut Street. This device has been disabled and is being tracked. Local authorities will be alerted.

ඇපල් සමාගම මෙලෙස සිය උපාංග සොරකම් කළ විට ඒවා අක්‍රිය කළ හැකි software එකත් සම්බන්ධයෙන් වැඩ කරමින් සිටින බව නොයෙක් තොරතුරු වාර්තා වී තිබුනද එය ප්‍රායෝගිකව තහවුරු කළ හැකි බවට වාර්තා වූ පළමු වර්ථාව වන්නේ මෙම සිදුවීමයි.

එමෙන්ම මේ option එක ඔබගේ Apple device එකක් සොරකම් කරන ලද අවස්ථාවකදී වුවත් භාවිතා කළ හැකි බව ඔවුන් පෙන්වා දෙන අතර මේ සඳහා Find My Device සේවාවේ ඇති Mark It As Lost යන option එක භාවිතා කළ හැකි වෙනවා.

කෙසේ වෙතත් ඇපල් සමාගම මෙම උපාංග නැවත භාර දෙන ලෙස ඉල්ලා සිටියද එය එසේ සිදු නොවිය හැකි අතර අමතර කොටස් වෙනුවෙන් කොල්ලකරුවන් විසින් මෙම උපාංග භාවිතා කරනු ඇති බවට මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් පල කරන බොහෝ විශ්ලේෂකයින් මත පළ කරනවා.

මෙම සිදුවීමත් සමගම සිය සේවකයන්ගේ සහ උපාංග වල ආරක්ෂාව වෙනුවෙන් Apple සමාගම සිය උපාංග Apple Store වලින් ඉවත් කර ගනිමින් සිටින අතර රට පුරා ඇති Apple Store තාවකාලිකව වසා දැමීමට ද තීරණය කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා FossBytes වෙබ් අඩවිය, News.au.com වෙබ් අඩවිය සහ ArsTechnica වෙබ් අඩවිය භාවිතා කළ හැක.