Google message යනු Android දුරකථන සදහා ඇති ප්‍රධානතම SMS application එක වන අතර මෙම app සඳහා කෙටි කාලයක් තුළ විශේෂාංග රාශියක් එක් කිරීමට Google ආයතනය කටයුතු කරනු ලැබුවා.

Gboard සහ Google Messages වලට Sticker suggestions පහසුකම ලබාදීමට Google සමාගම සූදානම් වෙයි
Messaging apps හරහා අදහස් ප්‍රකාශ කිරීමේදී මේ වන විට Emojies, GIFs මෙන්මstickers වලට හිමි වන්නේ අති විශාල තැනක් බව අමුතුවෙන් කිවයුතු නැහැ. Google සමාගමේ Keyboard app එක වන Gboard සතුව දැනටමත් “Emoji Kitchen[https://www.blog.google/products/android/feeling-all-the-feels-theres-an-emoji-sticker-for-that/…
Google Messages හරහා ලබාදෙන RCS සේවාව සඳහා end-to-end encryption පහසුකම එකතු කිරීමට සූදානම් වෙයි
මීට පෙර Google messages වෙත එකතු කිරීමට කටයුතු කළ නවතම විශේෂාංග කිහිපයක් ගැන අපඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති. iMessages ආකාරයේ emoji reaction පහසුකමක් RCS Messages සඳහා අත්හදාබැලීමට Googleසමාගම කටයුතු කරයිGoogle ආයතනය විසින් සිය Messages app එක සදහා iMessage හි වැනිemoji reactionsඑකතු ක…

ඔන්න දැන් මේ Google Messages යෙදුම සඳහා Gmail සහ අනෙකුත් Google apps වල ඇති ආකාරයෙන් ිearch bar එකක් ලබා දීමට beta testing සිදුකරමින් පවතින බව වාර්ථා වෙනවා.

මෙම නව අංගය server-side test එකක් ලෙස Google Messages අලුත්ම beta version එක භාවිතා කරන ඇතැම් පරිශීලකයින් හට ලබාදී ඇති නමුත් එම සංස්කරණය භාවිතා කරනු ලබන සියළුම දෙනා හට මෙම පහසුකම දැකගත නොහැකි වෙනවා.

Google Messages වල දැනට පවතින stable version එකේ දකුණු පස plain search icon සහිත button එකක් ඇති නමුත් නව beta version එක මගින් සමස්ත titlebar එකම search button එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා.

වම්පස: දැනට පවතින stable version එක | දකුණුපස: නව beta version එක

මෙම නව design එක මීට දින කිහිපයකට පෙර Google Playstore හරහා නිකුත් කළ Messages v6.2 beta සංස්කරණය හරහා ඇතැම් පුද්ගලයන් හට පමණක් දැකගැනීමට හැකියාව ලැබී ඇති අතර මෙය තවමත් beta testing එකක් පමණක් බැවින් ඉදිරියේදී මෙම පහසුකම stable release එකක් හරහා සියළුම පරිශීලකයින් හට නිකුත් කිරීමට Google සමාගම කටයුතු කරනු ඇත.

Messages - Apps on Google Play
Meet Messages, Google’s official app for texting (SMS, MMS) and chat (RCS). Message anyone from anywhere with the reliability of texting and the richness of chat. Stay in touch with friends and family, send group texts, and share your favorite pictures, GIFs, emoji, stickers, videos and audio messag…
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.