මීට අවුරුද්දකට කලින්, එනම් පසුගිය වසරේ අප්‍රේල් පළමුවැනිදා Cloudflare සමාගම විසින් ඔවුන්ගේ 1.1.1.1 DNS සේවාව  මහජනයාට භාවිතා කිරීම වෙනුවෙන් නිකුත් කළා මතක ඇති.

එම වසරේම නොවැම්බර් මාසයේදී මේ සේවාව Android හා iOS භාවිතා කරන්නන් හට App එකක් ආකාරයෙන් නිකුත් කිරීමට ද Cloudflare සමාගම කටයුතු කළ බව ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන්, මේ ‍වසරේ අප්‍රේල් මස පළමුවැනිදා, මේ 1.1.1.1 App එකට ‍කාටත් නොමිලයේ භාවිතා කළ හැකි, Warp නමින් හඳුන්වන VPN සේවාවක් එකතු කිරීමට සූදානමින් සිටින බව Cloudflare සමාගම ප්‍රකාශ කර සිටිනවා.

කොහොම නමුත් සාමාන්‍යය VPN එකකදී මූලිකව සිදු කරන්නේ අදාල වෙබ් අඩවි වලට අප වෙනත් location එකකින් සම්බන්ධ වන බව පෙන්වීම වුවත්, මේ Cloudflare VPN සේවාවේ ප්‍රධාන අරමුණ වන්නේ, අන්තර්ජාල සම්බන්ධතාවයේ speed එක සහ privacy එක හැකි උපරිමයෙන් ලබා දීමයි.

එමෙන්ම බොහෝ VPN සේවා සපයන සමාගම් මෙන් තම පරිශීලකයන්ගේ තොරතුරු ගබඩා කරගැනීමට හෝ එම දත්ත භාවිතා කරමින් ඉළක්ක කරන ලද වෙළඳදැන්වීම් පෙන්වීමට Cloudflare ආයතනය කටයුතු නොකරන අතර මොවුන් මුදල් ඉපයීම වෙනුවෙන් Warp+ නම් වූ මෙහි වැඩිදියුණු කළ version එකක් හඳුන්වා දීමට බළාපොරොත්තු වෙනවා.

මේ Warp+ සේවාවට Cloudflare Argo තාක්ෂණය අන්තර්ගත වන අතර, මෙම තාක්ෂණයේදී සිදු වන ක්‍රියාවලිය කෙටියෙන් සඳහන් කරනවා නම්, අදාල පරිශීලකයා විසින් සිදු කරනු ලබන requests අන්තර්ජාලය හරහා ගමන් කිරීමේදී, ඒ සඳහා speed එකෙන් වැඩිම, හොඳම route එක, එහෙමත් නැතිනම් මාර්ගය තෝරා දීමයි.

කොහොම වුණත් තවමත් මේ Warp සේවාව සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලබා දී නොතිබුණත්, 1.1.1.1 app එක හරහා මේ වෙනුවෙන් වන waiting list එකට එකතු වීමට ඔබට අවස්ථාව තිබෙනවා. මෙම ලැයිස්තුවට එකතු වූ පසුව, අදාල සේවාව ලබා දීම ආරම්භ කිරීමෙන් පසුව ඒ පිළිබඳව ඔබව දැනුවත් කිරීමට Cloudflare ආයතනය කටයුතු කරනු ඇත.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Cloudflare Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.