පසුගිය කාලයේ අපි හැමෝම අතර ගොඩක් කතාබහට ලක් වුණු දෙයක් තමයි මේ VPN කියන්නේ. ලංකාවේ වුණු සමහර දෙවල් වල අතුරු ප්‍රතිඵලයක් විදිහට වෙනකොට ලංකාවේ අපි VPN ගැන ගොඩක් දේවල් දන්නවා. ඒ අතරිනුත් Opera VPN කියන්නේ කිසිම කරදරයක් නැතිව, බයක් නැතිව use කරන්න පුළුවන් වුණු ගොඩක් හොඳ තත්වයේ තිබුණු VPN service එකක්. නමුත් අද නම් මම මේ කියන්න යන දේ free VPN use කරන අයට එච්චරම හොඳ news එකක් නෙවෙයි.

අද දින සිට එනම් 2018 අප්‍රේල් 30 වෙනිදායින් පසු Opera VPN serivece එක නවත්වලා දමන්න Opera, Inc. එක තීරණය කරලා තියනවා. එයාලා කියන විදිහට Android සහ iOS යන platforms දෙකටම තියන services මේ විදිහට සදහටම නවත්තලා දානවා.

කොහොම වුණත් ඔයා Opera Gold user කෙනෙක් නම්, ඔයාට අවුරුද්දක කාලයකට SurfEasy Ultra VPN පහසුකම නොමිලේ අත්විඳින්න පුළුවන්. නමුත් ඔයා free user කෙනෙක් නම්, ඔයාව අතහැරලම දාන්නේ නැතිව, 80% ක discount එකක් ලබාගන්න හැකියාවකුත් Opera විසින් ලබා දීලා තියනවා. මේ වෙනකොට ඒක ඔයාලට ලබා ගන්න පුළුවන් Opera VPN (iOS/Android) app එක හරහා.

SurfEasy VPN

Opera එකෙන් මේ වෙනකොට හැම userට ම මාරු වෙන්න කියලා යෝජනා කරන්නේ මේ SurfEasy VPN කියන service එකටයි. SurfEasy Ultra කියන package එක use කරනවා නම් ඔයාට devices 5 කින් unlimited data use කරන්න පුළුවන්. ඒ වගේම රටවල් 28 කින් connect වෙන්නත් පුළුවන්. වැදත්ම දේ, එයාලා අපේ usage එක record කරගන්නේ නෑ. එ් වගේම මේ වෙනකොට Windows, Mac, iOS, Android සහ Amazon devices වලට support කරනවා.