පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී SoundCloud සමාගම විසින් ඔවුන්ගේ SoundCloud Go+ භාවිතා කරන්නන් හට high-quality streaming පහසුකම ලබා දීමට හා SoundCloud වල ඇති Music tracks සෘජුවම Instagram Stories හරහා Share කිරීමේ පහසුකම් ලබා දීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ SoundCloud platform එකට Music tracks මිලියන 200කට අධික ප්‍රමාණයක් upload කර ඇති බව නිළ වශයෙන් දැනුම්දීමට මොවුන් කටයුතු කර ඇති අතර මේ මිලියන 200 වැනි track එක කුමක්ද යන්නත් ඔවුන්ගේ නිළ Blog එක හරහා පළ කර තිබෙනවා.

මේ Track එකේ හිමිකාරිය Francesca Lombardo වන අතර මෙය Eye Ring කියන title එක හරහා SoundCloud මගින් සවන් දීමට හැකියාව තිබෙන නමුත්, ශ්‍රී ලංකාවේ සිට මෙයට සවන්දීමට නම් VPN එකක් භාවිතා කළ යුතු වෙනවා.

Apple Music වල tracks මිලියන 35කට අධික ප්‍රමාණයක් තිබෙන බව වාර්ථා වන අතර Spotify වල මිලියන 45කට අධික tracks ප්‍රමාණයක් තිබෙන බව වාර්ථා වෙනවා. මේ SoundCloud platform එක 2016 දී ආරම්භ කරන විටම Tracks මිලියන 125ක් තිබුණු අතර මේ වන විට මිලියන 200 ඉක්මවා යාමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

මෙයට ප්‍රධානතම හේතුව ලෙස සැළකිය හැක්කේ මේ SoundCloud වල අනෙකුත් platform වල සාම්ප්‍රදායික නීති වලින් ඔබ්බට ගොස් edits, mashups, remixes, DJ mixes වගේ දේවලුත් upload කිරීමේ පහසුකම ලබා දීම බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ SoundClound Blog එක හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.