මේ වන විට TV, CCTV වල සිට න්‍යෂ්ටික බළාගාර දක්වා දේවල් සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් හෝ ක්‍රියාත්මක කරවීමට මේ වන විට අන්තර්ජාලය භාවිතා කරන බව අපි හැමෝම දන්න කරුණක්.

ඉතින් මේවා භාවිතා කරමින් අන්තර්ජාලය හරහා සිදු කරනු ලබන පහරදීම් වලදී තම රට ආරක්ෂා කරගැනීමට හදිසි අවස්ථාවකදී තාවකාලිකව අන්තර්ජාල සම්බන්ධතාවය විසන්ධි කිරීමට යම්කිසි රටකට හැකියාව තිබිය යුතු අතර, එසේ තාවකාලිකව විසන්ධි කිරීමකදී රට තුල කටයුතු අඩාල නොවී පවත්වාගැනීමට කටයුතු සූදානම් කර තිබීම අත්‍යවශ්‍යය සාධකයක් වෙනවා.

මේ Cyberwar එකකදී යම්කිසි රටක තිබෙන connected system වලට හැකර්වරුන් යොදා ප්‍රහාර එල්ල කරනු ලබන අතර, එම රට පිළිබඳව ඔත්තු බැලීමේ සිට අදාල ‍රටෙහි ඇති යුධ බලය භාවිතා කිරීම දක්වා දේවල් සිදු කිරීමට මේ හැකර්වරුන් සමත් විය හැකියාව තිබෙනවා.

උදාහරණයක් ලෙස සාමාන්‍යය ලෙස යුද්ධයක් ඇති රටවල් දෙකක් අතර Cyberwar එකක් ඇතිවුවහොත්, අනෙක් රටෙහි ඇති Air Force system එක hack කර එය අඩපණ කිරීමට හෝ, එම ගුවන් යානා (විශේෂයෙන්ම Armed Drones) භාවිතා කර එම හමුදාවටම ප්‍රහාරයක් එල්ල කිරීමට පවා හැකියාව තිබෙනවා.


මේ හේතුවෙන් රුසියාව විසින් තම රටවැසියන් Cyberwar එකකදී කටයුතු කළ යුතු ආකාරය ගැන පෙර පුහුණුවක් ලබා දීම සඳහා මුළු රටම, තාවකාලිකව අන්තර්ජාලයෙන් විසන්ධි කිරීමට කටයුතු සූදානම් කරමින් සිටිනවා.

මේ පරීක්ෂණය අතරතුරදී චීනයේ තිබෙන Great Firewall එක වැනි censoring system එකක් භාවිතා කිරීමට ඔවුන් බළාපොරොත්තු වන අතර රටවැසින් භාවිතා කරන internet traffic එක රජය සතු servers වලට point කරනු ලබනවා.

මේ අතරතුර කාලයෙහිදී රුසියාවටම ආවේණික ඔවුන්ගේම Domain name system එකක් හරහා අන්තර්ජාලයේ localized version එකක් එරටවැසියන් හට භාවිතා කිරීමේ අවස්ථාව ලැබෙනවා.


මෙම කටයුත්ත මීළඟ අප්‍රේල් මස පළමුවැනිදාට ප්‍රථමව සිදු කිරීමට නියමිත නමුත් මෙයට අදාල නිශ්චිත දිනයක් මේ වනතුරු දැනගන්නට ලැබෙන්නේ නැහැ.

යම් හෙයකින් අනාගතයේදී වෙනත් රටවල් විසින් රුසියාව තමන්ගේ අන්තර්ජාල සම්බන්ධතා වලට සම්බන්ධ කර නොගැනීමට කටයුතු කළහොත් තම ආර්ථිකය හා ජනතාවගේ එදිනෙදා කටයුතු අඩාල නොවී සාමාන්‍යය ලෙස සිදු කරගෙන යෑමට අවශ්‍යය පුහුණුව මේ හරහා ලැබෙනු ඇති බව රුසියානු රජය විශ්වාස කරනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා BusinessInsider වෙබ් අඩවිය හා TheGuardian වෙබ් අඩවිය භාවිතා කළ හැක.