SoundCloud කියන්නේ මේ වන විට ලොව පුරා බොහෝ පිරිසක් අතර ඉතාමත් ජනප්‍රිය streaming සේවාවක් බවට පත් වෙලා තියනවා.

ඔවුන්ගේ Go+ කියන subscription එක මිළදීගන්නා පාරිභෝගිකයන් හට high-quality audio streaming පහසුකමක් ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබන බව ඊයේ දිනයේ නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ප්‍රකාශ කරනු ලැබුවා.

කොහොම වුණත් මේ හරහා lossless audio stream කිරීමට කටයුතු නොකරන අතර 256kbps තත්ත්වයේ AAC format එක යටතේ අදාල පිරිස වෙත streaming සේවාව ලබා දීමට ඔවුන් කටයුතු කරනු ලබනවා. තවද මේ සඳහා කිසිඳු ආකාරයක අමතර මුදලක් අය නොකරන බවත් ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.

මේ SoundCloud Go+ subscription එක ලබා ගැනීම සඳහා මේ වන විට මසකට ඇමෙරිකානු ඩොලර් 10ක මුදලක් අය කරනු ලබන අතර මේ හරහා SoundCloud platform එකට upload කරනු ලබන music සියල්ලම පාහේ ඇසීමට අදාල පාරිභෝගිකයාට අවස්ථාව ලැබෙනවා.

කොහොම නමුත් මේ වන විට Tidal සහ Deezer යන සේවාවන් හරහා සැබැවින්ම lossless audio stream කිරීමට කටයුතු කරනු ලබන අතර Deezer ඒ සඳහා FLAC format එක 44.1 kHz / 16 bit යටතේ භාවිතා කරන අතර Tidal මේ සඳහා FLAC/WAV යන format 96kHz/24bit යටතේ භාවිතා කරනු ලබනවා. එසේ වුවත් එම සේවාවන් ද්විත්වයෙහිම මිළ මසකට ඇමෙරිකානු ඩොලර් 20ක් පමණ වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ soundcloud blog එක සහ theverge වෙබ් අඩවිය භාවිතා කළ හැක.