පසුගිය මාර්තු මාසයේදී Call of Duty Mobile game එක pre-registration සඳහා විවෘත කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Android සහ iOS වලට නිකුත් වීමට නියමිත Call of Duty Mobile Game එකේ Pre-Registration ආරම්භ කරයි
පසුගිය දෙසැම්බර් මාසයේ Call of Duty Mobile ක්‍රීඩාවේ Beta සංස්කරණයක් Androidභාවිතා කරන අයට පමණක් පරීක්ෂා කිරීම සඳහා නිකුත් කළ බව[/call-of-duty-mobile-android-beta-goes-live/] අපි ඔබව දැනුවත් කළා මතක ඇති. කොහොම නමුත් මෙම අවස්ථාව මූලිකව චීනයට පමණක් ලබා දීමට කටයුතු කර තිබූ බැවින් ඇතැම්ක්‍රීඩා ලෝලී…

ඔන්න දැන් මීළඟ ඔක්තෝම්බර් මස පළමුවැනිදා Android සහ iOS යන OS දෙකටම මේ Game එක නිළ වශයෙන් නිකුත් කිරීමට Tencent සමාගම සූදානමින් සිටිනවා.

මේ game එක free-to-play යන tag එක යටතේ නිකුත් කරන game එකක් නිසා ඔයාලට Google Play Store එක හරහා සහ Apple App Store එක හරහා නොමිලේම Download කරගෙන play කරන්න පුළුවන්.

මේ සඳහා pre-register වීමේ හැකියාව මේ වන විටත් ලබා දී ඇති අතර, game එක නිකුත් කිරීමට ප්‍රථමව register වීම හරහා game එක තුළදී rewards ලබාගත හැකි බව ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෙහි First person shooting - Multiplayer mode එකක් සහ Battle Royale (ඔයාලා හැමෝම දන්න PUBG වගේ) mode එකක් ලෙස mode දෙකක් ඇතුලත් වන අතර Battle Royal mod එකේ එකවර ක්‍රීඩකයන් 100 දෙනෙකුට ක්‍රීඩා කළ හැකි Battle Ground එකක් ඇතුලත් වෙනවා.

මෙම Battle Ground එක ගොඩබිම, මුහුද සහ අහස යන සියල්ලම ඇතුලත් වන පරිදි ගොඩනගා ඇති අතර ATV, Helicopter, Raft ඇතුලු වාහන රැසකින්ද යුක්ත වෙනවා. එමෙන්ම මෙම Battle Royal mode එක first-person සහ third-person යන දෙආකාරයටම ක්‍රීඩා කල හැකි බව Tencent සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

එමෙන්ම මෙය තනි, යුගල සහ ක්‍රීඩකයන් හතර දෙනකු වන පරිදි කණ්ඩායම් ලෙස ක්‍රීඩා කිරීමේ අවස්ථාවද ලබාදීමට මොවුන් කටයුතු කර තිබෙනවා.

මෙහි Multiplayer mode එක Team-Death-Match, Search and Destroy සහ Free-For-All ලෙස ක්‍රීඩා කිරීමට හැකි අතර එහි Call Of Duty - Modern Warfare හි ඇතුලත් maps වන Crash, Crossfire සහ Call Of Duty - Black Ops හි maps වන Nuketown, Hijacked ද ඇතුළු තවත් අලුත් Maps ඇතුලත් වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Call of Duty වෙබ් අඩවිය, නිළ Activision Blog එක, Engadget වෙබ් අඩවිය හා TechRadar වෙබ් අඩවිය භාවිතා කළ හැක.