ඔයා gamer කෙනෙක් නම්, ගොඩක් වෙලාවට GTA, එහෙමත් නැතිනම් Grand Theft Auto game මාලාව ගැන නොදැනුවත් වෙන්න විදිහක් නැහැ.

මේ game series එකේ ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණු Grand Theft Auto: San Andreas game එක තාවකාලිකව නොමිලයේ ලබා දීමට Rockstar ආයතනය තීරණය කර තිබෙනවා.

මේ සඳහා Rockstar Launcher එක ඔබේ පරිගණකයේ install කළ යුතු අතර, Rockstar Social Club account එකක් තිබිය යුතු වෙනවා. (ගිණුමක් නොමැති නම් නොමිලයේ Social Club සඳහා register විය හැක)

මේ Link එක හරහා නිළ Rockstar වෙබ් අඩවියට ගොස් Rockstar Game Launcher එක download කරගත හැකි අතර, එම ස්ථාපනය කර ගැනීමෙන් අනතුරුව ඒ හරහා Grand Theft Auto: San Andreas game එක claim කරගත හැකි අතර, ඒ හරහා ම install කරගැනීමේ හැකියාව තිබෙනවා.

මේ අවස්ථාව තව කෙතරම් කාලයක් දක්වා ලබාදීමට කටයුතු කරන්නේ ද යන්න ගැන තවමත් කිසිඳු තොරතුරක් වාර්ථා නොවන නමුත් මෙය claim කරගත් පසුව එය ඕනෑ තරම් කාලයක් play කිරීමේ හැකියාව ඔබට ලැබෙනවා.

ඒ නිසාවෙන් ඔබ මේ පිළිබඳව උනන්දු වන්නේ නම්, දැන්ම game එක claim කරගැනීමට කටයුතු කර පසුව ඕනෑම අවස්ථාවකදී එය install කරගැනීමට හැකියාව තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Rockstar වෙබ් අඩවිය හා Lifehacker වෙබ් අඩවිය භාවිතා කළ හැක.