පසුගිය දෙසැම්බර් මාසයේ Call of Duty Mobile ක්‍රීඩාවේ Beta සංස්කරණයක් Android භාවිතා කරන අයට පමණක් පරීක්ෂා කිරීම සඳහා නිකුත් කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

කොහොම නමුත් මෙම අවස්ථාව මූලිකව චීනයට පමණක් ලබා දීමට කටයුතු කර තිබූ බැවින් ඇතැම් ක්‍රීඩා ලෝලීහු VPN භාවිතා කර එයට ප්‍රවිශ්ඨ වීමට කටයුතු කළ අතර, ටික දිනකින්ම beta testing සඳහා සකස් කර තිබෙන game server එක overload වීම නිසාවෙන් එහි ගැටළු ඇති වීමට පටන් ගණු ලැබුණු බව ඔබ අත්දැකීමෙන් දන්නවා ඇති.

ඔන්න දැන් මේ beta testing කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව Activision සමාගම ඔවුන්ගේ Call of Duty Mobile ක්‍රීඩාවේ public launch එක සිදු කිරීමට සූදානම් වන අතර, මේ වන විට ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා ඒ සඳහා pre-register වීමේ හැකියාව ලබා දී තිබෙනවා.

එමෙන්ම ඔබ Android ජංගම දුරකථනයක් භාවිතා කරනවා නම් Google Play Store එක හරහා ද pre-register වීමේ හැකියාව තිබෙන නමුත් iPhone එකක් භාවිතා කරනවා නම් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය භාවිතා කිරීමට ඔබට සිදු වෙනවා.

මෙලෙස pre-register වන ක්‍රීඩකයන් හට මීළඟ මාස කිහිපය ඇතුලත, එනම් public launch එකට පෙර නිකුත් කිරීමට නියමිත මීළඟ beta release ලබා දීමට කටයුතු කරනු ලබන බවත්, public launch එක සිදු කිරීමෙන් අනතුරුව iOS සහ Android යන platform දෙකම භාවිතා කරන පිරිසට මෙම game එක නොමිලයේ download කරගතහැකි බවත් ඔවුන් ප්‍රකාශ කරනවා.

මෙම game එක free to download යන title එක යටතේ categorize කර තිබෙන අතර සාමාන්‍යයෙන් අනෙකුත් මේ ආකාරයේ games, free to play යන title එක යටතේ categorize කරන බැවින්, මෙය නොමිලයේ play කිරීමේ හැකියාව තිබේද යන්න ගැන සැකයක් මතු වෙනවා.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා නිළ Call of Duty වෙබ් අඩවිය හා XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක.