Apple සමාගමට විසින් ඔවුන්ගේ iPhone 12 series එක එළිදැක්වීමත් සමඟින් තවදුරටත් charger එකක් අලුත් ජංගම දුරකථනය සමඟින් ලබා නොදීමට තීරණය කළ බව මේ වන විට ඔබ දන්නවා ඇති.

පාරිසරික හේතූන් මත charger එකක් ලබා නොදෙන බව Apple සමාගම ප්‍රකාශ කලත්, බ්‍රසීලය විසින් මෙම තීරණය පිළිබඳව දිගින් දිගටම ඔවුන්ගේ විරෝධය එල්ල කිරීමට කටයුතු කළ බව ද අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

බ්‍රසීලයේ São Paulo ප්‍රාන්තයට නිකුත් කරන iPhone 12 devices සමඟ charging adapter එක ලබාදීමට Apple සමාගමට සිදුවන ලකුණු
iPhone 12 Series එක සමඟ box එක තුළ power adapter එක හා earbuds ලබා නොදීමට ඇපල්සමාගම තීරණය කිරීමත් සමඟ ලොව පුරා සිටින ඇපල් පාරිභෝගිකයන් හට iPhone 12 devices එකවෙනම මිලදී ගැනීමටත්, power adapter හා earbuds වෙනම මිලදී ගැනීමටත් සිදු වීතිබෙනවා. iPhone 12 ජංගම දුරකථනය සමඟින් Charger එක සහ Earbuds ලබා …

Power adapter එක device එකට අත්‍යවශ්‍ය උපාංගයක් බවත්, එය නොමැතිව iPhone 12 අලෙවි කි‍රීමේ අවස්ථාව ලබාදීම බ්‍රසීලියානු පාරිභෝගික ආරක්ෂණ නීති සංග්‍රහයට පටහැනි බවත්, පෙට්ටියෙන් චාජර් එක ඉවත් කිරීම පරිසරයට කිසිදු ආකාරයකින් උපකාරී වනු ඇති බවට සමාගම ප්‍රමාණවත් සාක්ෂි සපයා නැති බවත් හා මීට අමතරව, 3rd party චාජර් මිලදී ගත් පාරිභෝගිකයින් හට ඒ සඳහා තාක්ෂණික සහාය ලබා දෙන බවට Apple සමාගම සහතික වී නැති බව යනු කරුණු පදනම් කරගෙන Apple සමාගමට විරුද්ධව නඩු නඩු පැවරීමට කටයුතු කළ අතර බ්‍රසීල රාජ්‍ය පරිභෝගික ආරක්ෂණ අධිකාරිය විසින් ‍Apple සමාගමට ඇමෙරිකානු ඩොළර් මිලියන දෙකක දඩයක් නියම කිරීමට කටයුතු කර තිබෙන බව වාර්තා වෙනවා.

ඉහත චෝදනා වලට ප්‍රතිචාර දක්වමින් Apple සමාගම පෙන්වා දී ඇත්තේ මේ හරහා iPhone නිෂ්පාදනය සඳහා වැය වන අමුද්‍රව්‍යය ප්‍රමාණය අඩු කිරීමට හැකියාව ලැබෙන බවත්, iPhone වල boxes වල size එක අඩු කිරීමටත් හැකියාව ලබෙන බව සහ ඒ හරහා පරිසරයට නිකුත් වන electronic අපද්‍රව්‍යය ප්‍රමාණය අවම වීමක් සිදු වන බවයි.

කෙසේ නමුත් මෙලෙස charger එක ඉවත් කිරීමේදී අදාල iPhone වල මිලෙන් එම charger වල මිල අඩු කිරීමට කටයුතු කරනු ලැබුවේද යන්න පිළිබඳව විමසීමේදී, ඊට පිළිතුරක් ලබාදීමට Apple සමාගම කටයුතු කර නොමැති අතර, පාරිභෝගික ආරක්ෂණ කාර්ය්‍යංශය වෙනුවෙන් අදහස් දැක්වූවෙකු ප්‍රකාශ කර සිටියේ මීට අදාල නීති වලට සහ අදාල ආයතන වලට ගරු කිරීමට Apple සමාගම කටයුතු කළ යුතු බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Mac Rumorsවෙබ් අඩවිය භාවිතා කළ හැක.