WhatsApp ආයතනය විසින් මේ වන විට iOS සඳහා අලුත් Update එකක් ලබාදීමට කටයුතු කර ඇති අතර, ඒ සමඟින් iPhone 4S මාදිලිය සඳහා සහාය දැක්වීම නිළ වශයෙන් අවසන් කිරීමට කටයුතු කර තිබෙනවා.

‍මේ අනුව iOS 9 හෝ ඊට පෙර නිකුත් වූ iOS සංස්කරණ වල තවදුරටත් WhatsApp භාවිතා කිරීමේ හැකියාව නොලැබෙන අතර මේ සමඟින් ලොව පුරා අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වූ මෙම iPhone මාදිලිය සමඟින් ලොව ජනප්‍රියතම messaging සේවාව භාවිතා කිරීමේ හැකියාව අහිමි වී යනවා.

2011 වර්ෂයේදී එළිදැක්වූ iPhone 4S මාදිලිය 2014 වර්ෂයේදී iPhone 6 මාදිලිය හඳුන්වාදීමත් සමඟින් discontinue කිරීමට Apple සමාගම කටයුතු කලත්, 2016 වර්ෂය පමණ දක්වා මෙය අලෙවි කිරීමටත්, iOS 5 වල සිට iOS 9 දක්වා software updates ලබාදීමටත් කටයුතු කළ අතර, මේ වන විට මෙය එළිදක්වා වසර 10ක් ගතවී තිබෙනවා.

WhatsApp Help Center - About supported operating systems
About supported operating systems - We provide support for and recommend using the following devices: Android running OS 4.0.3 and newer iPhone running iOS 10 and newer Select phones running KaiOS 2.5.1 newer, including JioPhone and JioPhone 2 Once you have one o…

WhatsApp support page එකට අනුව මේ වන විට WhatsApp භාවිතා කිරීමට නම් iOS 10 හෝ ඊට පසු නිකුත් කරන ලද iOS සංස්කරණයක් හෝ, Android භාවිතා කරන්නේ නම්, Android 4.0.3 හෝ ඉන් පසුව නිකුත් කරනු ලැබූ Android සංස්කරණයක් හෝ භාවිතා කළ යුතු වෙනවා.

කෙසේ වුවත් මේ වන විට iPhone 4S ජංගම දුරකථනය භාවිතා කරන්නන් ප්‍රමාණය ඉතාමත් කුඩා අගයක් ගන්නා බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය සහ 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.