Facebook, WhatsApp, Instagram ඇතුළු Facebook සමාගම සතු සමාජ මාධ්‍ය සේවාවන් මේ වන විට මුළු ලෝකයම ආක්‍රමණය කර ඇති පසුබිම තුළ, දරුවන් වෙනුවෙන් ද නව සමාජ මාධ්‍යයක් ආරම්භ කරන්නට ෆේස්බුක් සමාගම සූදානමින් සිටින බවට මේ වන විට තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා.

ඒ අනුව වයස අවුරුදු 13 ට අඩු දරුවන් වෙනුවෙන් Instagram App එකක් හඳුන්වාදීමට Facebook සමාගම කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

BuzzFeed News වෙබ් අඩවිය වාර්තා කරන පරිදි Instagram සමාගමේ උප ප්‍රධානී Vishal Shah විසින් මේ පිළිබඳව ප්‍රකාශ කර තිබෙන බව සඳහන් වන අතර යෞවන කටයුතු සඳහා ප්‍රමුඛත්වය ලබාදීම එහි අරමුණ වන බවද සඳහන් කර තිබෙනවා.

Google සමාගමේ YouTube Kids version එක නිර්මාණය කල ව්‍යාපෘතියේ ප්‍රධානි ලෙස කටයුතු කළ Pavni Diwanji මහත්මිය විසින් ද මෙහි කටයුතු අධීක්ෂණය කිරීමට නියමිත වෙනවා.

Instagram ප්‍රධානී Adam Mosseri මහතා පවසන පරිදි Instagram භාවිතා කිරීමට දරුවන් තුළ ඇති උනන්දුව ඉතා ඉහළ වුවත්, Age verification එක සිදු කිරීම තම සමාගමට අභියෝගයක් වී ඇති නිසා, අවුරුදු 13 ට අඩු දරුවන් සඳහා Child friendly instagram version එකක් නිර්මාණය කිරීමට තීරණය කර ඇති බවයි.

කෙසේ වුවත් මෙම app එක develop කිරීම සහ release කරන timeline එකක් Mosseri මහතා විසින් තවමත් ප්‍රකාශ කර නැහැ.

මීට පෙර Facebook සමාගම විසින් ඔවුන්ගේ Messenger සේවාවේ කොටසක් ලෙස Messenger Kids සේවාව එළිදැක්වූ නමුත් ලොව පුරා දරුවන්ගේ සෞඛ්‍යය පිළිබඳව වන ආයතන 95ක් විසින් Mark Zuckerberg ගෙන් ඉල්ලා සිටියේ මෙම සේවාව නතර කරන ලෙසයි.

කුඩා දරුවන් වෙනුවෙන් වන Messenger Kids සේවාව නව රටවල් 70කට හදුන්වාදීමට Facebook සමාගම කටයුතු කරයි
Facebook සමාගම ඔවුන්ගේ Messenger Kids app එක ලංකාව, ඉන්දියාව, ජපානය, නවසීලන්තයවැනි නව රටවල් 70කට අධික සංඛ්‍යාවකට[https://www.facebook.com/help/messenger-app/529510580750001] ලබාදීමට තීරණය කරඇති බව මේ වන විට නිවේදනය කර[https://about.fb.com/news/2020/04/expanding-messenger-kids/…

එයට ප්‍රධානතම හේතුව ලෙස ඔවුන් පෙන්වාදී තිබුණේ තාක්ෂණික උපාංග සහ සේවාවන් වැඩි වශයෙන් භාවිතා කිරීම දරුවන්ගේ සෞඛ්‍යය යහපැවැත්මට ඉතාමත් අයහපත් අයුරින් බළපෑම් සිදු කරනු ලබන බවයි.

මේ නිසා දරුවන් වෙනුවෙන් නිර්මාණය වූ Social media version, ඇත්තටම අදාළ අරමුණු ඉටු කර ගැනීමට සමත් වී තිබෙනවාද යන්න ගැන දැනටමත් ලොව පුරා සංවාදයක් ඇති වී තිබෙන බැවින්,  මෙම Instagram version එක නිකුත් වේද යන්න පිළිබඳවද සැක සහිත බව මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Independent වෙබ් අඩවිය භාවිතා කළ හැක.