තවත් පැය කිහිපයකින් ආරම්භ වීමට නියමිත Google I/O event එක නැරඹීමට මේ වන විට ඔබ ඉතාමත් නොයිවසිල්ලෙන් බළාගෙන ඉන්නවා ඇති.

ප්‍රධාන Google I/O event එකට අමතරව පැවැත්වෙන Google I/O Extended events ගැන මීට කලින් ලිපියකින් ඔබව දැනුවත් කරන්නට අපි කටයුතු කළා මතක ඇති.

අද රාත්‍රී 10:30ට ආරම්භ වීමට නියමිත ප්‍රධාන Google I/O event එකේ Keynote එක නරඹන ගමන් දන්න සිංහලෙන් තේරුම් ගන්න අවස්ථාවක් ලබා දෙන්න ඔන්න දැන් Techie Team එක සූදානමින් ඉන්නවා.

Techie app එකේ අලුත්ම Update එක අරගෙන තියනවා නම්, main menu එකේ තිබෙන Techie Live කියන option එක භාවිතා කිරීමෙන් හෝ technews.lk/live කියන URL එක භාවිතා කරමින් අපේ Live platform එක භාවිතා කරන්නට මේ වන විට ඔබට අවස්ථාව ලබා දී තිබෙනවා.

කොහොම නමුත් App එක හරහා මේ පහසුකම භාවිතා කරන්න නම්, අනිවාර්යයෙන්ම Techie App එකේ අලුත්ම update එක ඔයාගේ ජංගම දුරකථනයේ ස්ථාපනය කර තිබීම අත්‍යවශ්‍යය වෙනවා.