2018 වර්ෂයේ ජුනි මස ඒ වන විට ලොව වැඩිම spec එකක් සහිත වූ Smartphone එක බවට පත් වන්නට Asus සමාගමේ ROG Phone පළමුවැනි සංස්කරණයට හැකියාව ලැබුණු බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඔන්න දැන් මේ ජංගම දුරකථනයේ දෙවැනි සංස්කරණය (Asus ROG Phone II) නිකුත් කිරීමට Asus සමාගම කටයුතු කර ඇති අතර, එයද මේ වන විට නිර්මාණය කර ඇති spec එකෙන් වැඩිම Android ජංගම දුරකථනය බවට පත් වීමට සමත් වී තිබෙනවා.

මේ වන තුරු නිකුත් වී ඇති AMOLED ජංගම දුරකථන screen වලින් වැඩිම refresh rate එක වන 120Hz refresh rate එකක් සහිත screen එකක් මෙයට අන්තර්ගත කර ඇති අතර තත්ත්පරයට 240 වතාවක් touchscreen එක scan කර බැලීමේ හැකියාව ඇති 240Hz touch sampling rate එකකට ද මෙය හිමිකම් කියනවා.

Razer Phone 2 ජංගම දුරකථනයේ 120Hz display එකක් අන්තර්ගත වුවත්, එය LCD display එකක් වන අතර 90Hz refresh rate එකක් සහිත AMOLED display එකක් සමඟින් දෙවැනියට සිටින්නේ OnePlus 7 Pro ජංගම දුරකථනයයි.

මෙහි අන්තර්ගත display එක අඟල් 6.59ක් වන අතර 1080p resolution එකකින් ද සමන්විත වෙනවා.

මේ ROG Phone II එක බළගැන්වෙන්නේ Qualcomm සමාගම විසින් Gaming phone වෙනුවෙන්ම මෑතකදී නිකුත් කරන ලද Qualcomm Snapdragon 855 Plus chipset එකකින් වන අතර, මෙය සාමාන්‍යය Snapdragon 855 chipset එකේ overclock කර CPU power එක (2.96GHz) 4%කින් ද, GPU එක (675MHz) 15%කින් ද වැඩි කර නිර්මාණය කළ chipset එකක් වෙනවා.

එමෙන්ම 12GB RAM එකක් සහ 512GB storage එකක් මෙන්ම 48 mega-pixel camera එකක් ද මේ ජංගම දුරකථනයට අන්තර්ගත කිරීමට Asus සමාගම කටයුතු කර තිබෙනවා. විශේෂයෙන්ම මෙහි අන්තර්ගත වන 512GB Storage එක සාමාන්‍යය eMMC තාක්ෂණයෙන් ඔබ්බට ගිය UFS තාක්ෂණය යටතේ නිෂ්පාදනය කර ඇති අතර මෙවැනි storage chip එකක් මේ වන විට අන්තර්ගත කර ඇත්තේ OnePlus 7 Pro ජංගම දුරකථනයේ පමණක් වීම විශේෂත්වයක් වෙනවා.

සාමාන්‍යයෙන් gaming phone එකක ප්‍රධානතම ගැටළුව වන්නේ එය භාවිතා කරන විට නිපදවෙන තාපය එයින් පිට කිරීම වන අතර මේ ROG Phone II ජංගම දුරකථනයේ ඒ වෙනුවෙන් 3D vapor chamber එකක් සහ fan එකක් භාවිතා කරමින් එය පාලනය කිරීමට සමත් වී තිබෙනවා.

මීට අමතරව 6,000mAh battery එකක් සහ මෙය ඉක්මණින් charge කිරීමේ හැකියාව ලබා දෙන 30W fast-charging පහසුකම ද මෙයට අන්තර්ගත වන අතර දිගු කාලයක් game play කිරීම සඳහා මෙය ප්‍රමාණයත් වනු ඇති බව විශ්වාස කෙරෙනවා.

Under-display එහෙමත් නැතිනම් Display එකට ඇතුලතින් අන්තර්ගත කෙරුනු fingerprint scanner එකක් අන්තර්ගත වන අතර vibrate responsive rate එක 63ms වල සිට 20ms දක්වා අඩු කිරීමට ද ඔවුන් සමත් වී තිබෙනවා.

එමෙන්ම මෙය මූලිකව setup කරන අතරතුරදී ROG UI එක හෝ සාමාන්‍යය Stock Android interface එකට ඉතාමත් සමාන වන ZenUI classic යන interfaces මාදිලි දෙකින් එකක් තෝරාගත හැකි අතර, මේ හරහා Gaming phone එකක මෙන්ම සාමාන්‍යය Android ජංගම දුරකථනයක අත්දැකීම විඳගැනීමට ද හැකියාව ලැබෙනවා.

කොහොම නමුත් තවමත් මෙහි මිළ පිළිබඳව නිළ නිවේදනයක් සිදු කිරීමට Asus සමාගම කටයුතු කර නොමැති අතර, ROG Phone පළමුවැනි මාදිලිය ඩොලර් 899ක මුදලකට අලෙවි කරන්නට කටයුතු කළ නිසාවෙන්, ඒ ආශ්‍රිත මිලක් නියම වේවි යැයි අනුමාන කෙරෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Digital Trends වෙබ් අඩවිය භාවිතා කළ හැක.