Qualcomm සමාගම හා Apple සමාගම ඔවුන් අතර පැවැති නඩු සමථයකට පත් කර ගැනීමෙන් අනතුරුව, Intel සමාගම ඔවුන්ගේ 5G Modem නිෂ්පාදන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නවත්වාදැමීමට තීරණය කළ බව පසුගිය අප්‍රේල් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Intel සමාගමේ 5G Modem ව්‍යාපාරයේ ප්‍රධාන පාරිභෝගිකයා වූ Apple සමාගම තමන්ගේ 5G Modem වෙනුවට Qualcomm chips මිලදීගනු ඇතැයි අනුමාන කරමින් මෙම තීරණය ගැනීමට Intel සමාගම තීරණය කර තිබුණු අතර තමන්ට අවශ්‍යය කාලසීමාව ඇතුලතදී Intel සමාගම 5G modem chip නිෂ්පාදනය කිරීමට අපොහොසත් වනු ඇති බව ප්‍රකාශ කරමින් Apple සමාගම විසින් Intel සමාගම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

නමුත් මෙලෙස නවතා දැමීමට කටයුතු කළ 5G Modem ව්‍යාපාරය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් හෝ ඊට වැඩි මුදලකට මිලදීගැනීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.

මේ ගණුදෙනුව සිදු වුවහොත් Intel සමාගමේ 5G modem නිෂ්පාදනය කරනු ලබන සමාගමට අයත් වන patent බළපත්‍ර සහ එහ සේවය කරනු ලැබූ සේවකයන් සියල්ල Apple සමාගම යටතට පත් වන අතර, තවදුරටත් iPhone සඳහා පිටතින් modem ලබාගැනීමේ අවශ්‍යයතාවය ද සම්පූර්ණ වෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, Bloomberg වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.