Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone 11 ජංගම දුරකථනය සැප්තැම්බර් මස 10 වැනිදා එළිදැක්වීමට සූදානම් වන බව මීට කලින් අපි ඔබව දැනුවත් කිරීමට කටයුතු කළා මතක ඇති.

ඔන්න දැන්, මේ event එක පිළිබඳව නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර, ‘By innovation only’ යන නමින් හැඳින්වෙන මේ event එක සැප්තැම්බර් 10 වැනි දින කැළිෆෝනියාවේ Apple Park එකේ තිබෙන Steve Jobs Theater එක තුළ පැවැත්වීමට නියමිත වෙනවා.

ඔවුන්ගේ වේලාවෙන් උදෑසන 10ට මෙම event එක පැවැත්වීමට නියමිත අතර, මේ වන විට මාධ්‍ය ආයතන සඳහා ඊට අදාල වන invitations යැවීමට කටයුතු කර තිබෙන බව වාර්ථා වෙනවා.

සාම්ප්‍රදායයක් ලෙස මෙලෙස නිකුත් කරනු ලබන invitation එක තුළ, event එක හා එළිදැක්වීමට නියමිත දේ පිළිබඳව ඉඟියක් ඇතුලත් වන නමුත්, මෙවර නිකුත් කර ඇති invitation එක තුළ ඇති පණිවිඩය කුමක් ද යන්න බොහෝ දෙනෙකුට තවමත් ගැටළුවක් ව පවතිනවා.

මෙම event එක අතරතුරදී අලුත් iPhone ජංගම දුරකථන ත්‍රිත්වයක් හඳුන්වාදෙනු ඇති බවට අනාවැකි පළ වන අතර Camera 3කින් සමන්විත වන පළමුවැන් iPhone එක මෙහිදී එළැදැක්වීමට කටයුතු කරනු ඇති බව වාර්ථා වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, CNN වෙබ් අඩවිය හා 9to5mac වෙබ් අඩවිය භාවිතා කළ හැක.