ජනප්‍රිය Document scanning app එකක් වන CamScanner app එක මේ වන විට Google Play Store වෙතින් ඉවත් කර දැමීමට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මීට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ මේ app එ‍කේ පසුගිය සංස්කරණ කිහිපයකම Malware වර්ගයට අයත් virus එකක් අන්තර්ගත වීම වන නමුත් මෙය CamScanner developer වරුන් විසින් සිදු කළ කටයුත්තක් නොවන බව ද වාර්ථා වෙනවා.

මේ App එක තුළ ads පෙන්වීම සඳහා AdHub නම් වූ වෙනත් සමාගමක සේවාවක් භාවිතා කර ඇති අතර ඔවුන් විසින් ලබා දෙන advertisement SDK එක තුළ මීට අදාල malware එක අන්තර්ගත වී තිබෙනවා.

මේ Malware එක හරහා කිසිඳු පරිශීලක දත්ත සොරා ගැනීමට කටයුතු කර නොමැති බව දැනගන්නට ලැබෙන අතර මේ හරහා පෙන්වන ads ස්ව්‍යංක්‍රීයව click කිරීම සඳහා මෙය භාවිතා කර ඇති බව වැඩිදුරටත් වාර්ථා වෙනවා.

කොහොම නමුත් Kaspersky ආයතනය විසින් මේ පිළිබඳව සිදු කරනු ලැබූ පරීක්ෂණයක් අනුව මේ හරහා පරිශීලකයාගේ අවසරයකින් තොරව වෙනත් modules install කිරීමේ කටයුත්තක නියැලී සිටි බව අනාවරණය වී ඇති අතර, මේ පිළිබඳව Google සමාගම දැනුවත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

පහත සඳහන් සංස්කරණ වල මෙම malware එක අන්තර්ගත බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

AdHub ආයතනයට විරුද්ධව මීට අදාල නීතිමය පියවර ගැනීමට CamScanner ආයතනය කටයුතු කරනු ලබන බවත්, මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත කිසිවක් සොරා ගැනීමට කටයුතු කර නොමැති බවත්, ඉක්මණින්ම මේ ගැටළුව මඟහැරවූ සංස්කරණයක් Play Store එකට ඇතුලත් කිරීමට කටයුතු කරනු ලබන බවත් CamScanner ආයතනය විසින් නිළ වශයෙන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, XDA-Developers වෙබ් අඩවිය හා Kaspersky ආයතනයේ securelist වෙබ් අඩවිය භාවිතා කළ හැක.