අගෝස්තු 15 වැනි දින, එනම් ඊයේ iOS 13 වල 7 වැනි beta update එක නිකුත් කිරීම Apple සමාගම කටයුතු කළ අතර මේ update එක හරහා මීළඟ iPhone එක වන iPhone 11 ජංගම දුරකථනය එළිදැක්වීමට සූදානම් වන දිනය පිළිබඳ ඉඟියක් නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.

iOS 13 වල September 10 වැනි අඟහරුවාදා ලෙස සටහන් වන HoldForRelease යන නමින් යුතු screenshot එකක් ඇතුලත් කර තිබීම මෙම නිගමනයට පදනම් වී තිබෙන අතර, පසුගිය වසර කිහිපය පුරාවටම Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone event එක සැප්තැම්බර් මස දෙවැනි අඟහරුවාදා හෝ බදාදා දින වල පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

පිළිවෙලින් 2015 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින, 2016 වර්ෂයේ සැප්තැම්බර් 7 වැනි දින, 2017 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින හා 2018 වර්ෂයේ සැප්තැම්බර් 12 වැනි දින ලෙස පසුගිය iPhone event වල දින සඳහන් වන අතර මෙම දින හා ඉහත screenshot එක පදනම් කරගනිමින් අදාල පුවත පැතිරී යන බව දකින්නට ලැබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, 9to5mac වෙබ් අඩවිය හා GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.