පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Watch Series 4 එක එළිදැක්වීමට කටයුතු කළ අතර එය ලොව පුරා ඉතාමත් ප්‍රසිද්ධියට පත් වුණා.

මෙහි ජනප්‍රියත්වය නිසාම ඉතාමත් ඉක්මණින් විශාල වශයෙන් මෙය අලෙවි වීමට පටන්ගත් අතර අනෙකුත් Smart watch නිෂ්පාදකයන් මේ Apple Watch එක සතු වූ ECG වැනි පහසුකම් තමන්ගේ නිෂ්පාදන වලට එකතු කිරීමේ හැකියාව පිළිබඳව තවමත් පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔන්න දැන්, මේ Apple Watch Series 4 එක සතු වන Display එක, 2019 වර්ෂයේ හොඳම Display එකට හිමි සම්මානයට පාත්‍ර වූ devices 3 අතරින් එකක් බවට පත්ව තිබෙනවා.

මීට අමතරව Samsung සමාගමේ Modular MicroLED Display එක සහ Sony සමාගමේ Crystal LED Display System එක ද මේ සම්මානය ලබාගත් අනෙකුත් display ද්විත්වය වෙනවා.

2018 වර්ෂය ඇතුලත් Apple සමාගම ඔවුන්ගේ Apple Watch Series 4 devices මිලියන 16.2ක් පමණ අලෙවි කිරීමට සමත් වී තිබූ අතර පිළිවෙලින් Xiaomi සමාගම මිලියන 7.5ක් ද, Huawei සමාගම මිලියන 5.7ක් සහ Fitbit සමාගම මිලියන 5.7ක් ලෙස ඔවුනොවුන්ගේ smart watch අලෙවි කිරීමට සමත් වී තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය, Tech Radar වෙබ් අඩවිය හා Samsung Newsroom එක භාවිතා කළ හැක.