ඊයේ රාත්‍රියේ පැවති Apple hardware event එක ලොව පුරා බොහෝ දෙනෙක් සජීවීව නරඹන්නට කටයුතු කළා.

මේ event එකේදි Apple සමාගම විසින් ඔවුන්ගේ iPhone එකේ models තුනක්, එනම් iPhone XS, iPhone XS Max සහ iPhone XR යන මාදිලි මෙලෙස එළිදක්වන්නට කටයුතු යෙදුනු අතර Apple Watch series එකේ 4 වන මාදිලියද මේ අතරට එකතු වුණා.

iPhone XS සහ XS Max

iPhone වල flagship නිෂ්පාදන වල අළුත්ම එළිදැක්වීම තමයි මේ iPhone XS සහ iPhone XS Max කියන්නේ. ඔවුන්ගේ පසුගිය flagship model එකක් වූ iPhone X එකෙහි වූ බාහිර පෙනුමට වැඩි වෙනසක් නොකිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර සාමාන්‍යයෙන් iPhone XS Plus යනුවෙන් හඳුන්වනු ලබන ප්‍රමාණයෙන් විශාල මාදිලිය මේ වසරේදී iPhone XS Max යනුවෙන් හැඳින්වීමට ඔවුන් කටයුතු කර තිබනෙවා.

මේ iPhone XS Max එකට ඇතුලත් වෙන්නේ අඟල් 6.5 ක OLED display එකක් වන අතර මෙය මේ දක්වා iPhone එකකට ඇතුලත් කෙරුණු විශාලතම display එක ද වෙනවා. එමෙන්ම iPhone XS එකෙහි අඟල් 5.8 ක display එකක් ද ඇතුලත් වෙනවා.

මේ iPhone මාදිලි දෙකෙහි display එක සහ ප්‍රමාණය හැරුණු විට spec එකෙහි කිසිඳු වෙනසක් දකින්නට නොලැබෙන අතර මේ මාදිලි දෙකටම Apple සමාගමේ අළුත්ම chipset එක වන A12 bionic chipset එකෙන් බළගැන්වෙනවා.

ප්‍රමාණයෙන් විශාල මාදිලිය වන iPhone XS Max එක සාමාන්‍යය මාදිලියට වඩා ඇමෙරිකානු ඩොලර් 100 කින් වැඩි වෙන අතර මිළ ගණන් පහත සඳහන් ආකාරයට සටහන් වෙන අතර සැප්තැම්බර් 14 වැනිදා සිට pre-order කිරීමට විවෘත වෙන බවත් Apple සමාගම නිවේදනය කරනු ලැබුවා.

  • iPhone XS (64GB) - 999 USD
  • iPhone XS Max (64GB) - 1,099 USD

iPhone XR

Apple සමාගම විසින් iPhone X එක එළිදක්වන අවස්ථාවේදී එය මිළදී ගැනීම හැර edge to edge display අත්දැකීම විඳගන්න පාරිභෝගිකයන්ට වෙනත් option එකක් තිබුණේ නැහැ. නමුත් මේ iPhone X එක ඉතාමත් මිළ අධික වුණු නිසා බොහෝ දෙනෙක් iPhone 8 ගන්නට යොමු වුණා.

නමුත් ඔන්න දැන් මේ ප්‍රශ්ණයට විසඳුමක් විදිහට Apple සමාගම විසින් iPhone XS එකට ඉතාමත් ආසන්න වශයෙන් සමානකම් දක්වන, එහෙත් මිලෙන් අඩු මාදිලියක් iPhone XR යනුවෙන් හඳුන්වා දෙන්න කටයුතු කළා.

මෙහිදී iPhone XS එකේ භාවිතා වෙන OLED display එක වෙනුවට LCD display එකක් භාවිතා වෙන අතර පසුපස camera module එකට ඇතුලත් වන්නේ තනි camera එකක් පමණක් වෙනවා. මීට අමතරව මෙම මාදිලියේ 3D Touch පහසුකම ඇතුලත් වෙන්නේ නැති අතර iPhone XS එකේ තිබෙන stainless steel body එක වෙනුවට aluminium body එකකින් මෙය සමන්විත වෙනවා.

මේ මාදිලියේ 64GB ප්‍රමාණයේ iPhone එකක් ඇමෙරිකානු ඩොලර් 749 ක් වැනි මුදලකට ඔක්තෝම්බර් මස 19 වැනිදා සිට pre-order කළ හැකි බවත් ඔවුන් නිවේදනය කර සිටියා.

Apple Watch Series 4

වසර තුනකට පසුව ඔන්න Apple සමාගම විසින් ඔවුන්ගේ Apple Watch එක upgrade කරන්න කටයුතු කරලා තියනවා.

මේ අළුත් Apple watch එක ප්‍රමාණයෙන් විශාල curved-edge display එකකින් සමන්විත වන අතර මෙහි ප්‍රමාණයෙන් කුඩා මාදිලිය සම්පූර්ණ ප්‍රමාණයෙන් 32% ක ප්‍රමාණයකම display එක පැතිරී පවතින අතර ප්‍රමාණයෙන් විශාල මාදිලියේ මෙම අගය 35%ක් වෙනවා.

Apple Watch Series 4 එක හරහා electrocardiograms එකක්, එහෙමත් නැතිනම් ECG එකක් ලබා ගැනීමට ගත වෙන්නේ තත්පර 40ක් වැනි සුළු කාලයක් වන අතර තවත් මෙවැනි වැඩිදියුණු කිරීම් රාශියක් මෙයට ඇතුලත් වෙනවා.

‍මෙහි 40mm watch එකක මිළ ඇමෙරිකානු ඩොලර් 399 ක් වන අතර LTE සහිත මාදිලිය ඩොලර් 499ක් ලෙස මිළ නියම කර ඇති අතර මෙය සැප්තැම්බර් මස 14 වැනිදා සිට pre-order කිරීමට හැකියාව ලැබෙනවා.